IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුදුම සාත්තරයක්

20160426-ent-101කලක් අලි පාටියෙ මහ පුටුවක් භාරව ඉඳල පක්ෂයෙන් එළියට ගිහිල්ල ඉන්න මහත්තයෙක් පසුගියදා බුද්ධගයාව වඳින්න ඉන්දියාවෙ නේපාලෙ සංචාරෙක යෙදුණා...  ඒ ගිය ගමන උන්නැහේ ඒ රටේ ඉන්න සුප්‍රකට නාඩිවාක්‍ය දෛවඥතුමෙකුත් මුණ ගැසුණා. මේ දවස්වල ගැටගැහිල තිබෙන නඩුහබ ගැනත් තමන්ගෙ දේශපාලන අනාගතය ගැනත් උන්නැහේ අනාවැකියක් බැලුව කියල අපට ආරංචියි....

ඒකෙදි මේ දේසපාලකතුමාට මාර අනාවැකියක් කිව්වලු... මේක කිව්වෙත් ඒ රටේ ඉන්න සුප්‍රකටම අනාවැකිකරැවෙක් නිසා ඒ ගැන දන්න අයගෙ අවධානෙ යොමුවෙලා කියලයි කියැවෙන්නෙ. අපේ දේශපාලක උන්නැහේට අනාවැකිකරැවා කියලා තියෙන අනාවැකිය අනුව ලබන වසරේ මාර්තු මාසෙ වෙනකොට ලග්න ඒරාෂ්ඨක අපල ඉවරවෙලා... උන්නැහේ කවුන්සිලෙටත් ගිහිල්ල කැබිනට්ටුවෙ ලොකුම පට්ටමකුත් ලැබෙනවලු.

අවුරැදු පහක් යන ආණ්ඩුවක් තියෙද්දි දැනට කවුන්සිලේවත් නැති තමුන්ට මැම්බර්කමකුයි කැබිනට් පට්ටමකුයි ලැබෙන්නෙ කොහොමද කියල උන්නැහේ අනාවැකිකරැගෙන් ප්‍රශ්න කළාලු.

එතකොට මේ සුප්‍රකට අනාවැකිකරැ කිව්වෙ "ලැබෙන ක්‍රමය මම ඔබට කියන්නෙ නැහැ... ඒත් ලැබෙන එක ඉර හඳ වගේ ස්ථීරයි. අපලෙ ඉවරවුණාම ඔබට ඔබ අද සීනෙන්වත් නොසිතන ලොකුම පට්ටමක් ලැබෙනව. ඒක සහතිකයි." කියලයි....

එහෙම කිව්ව අනාවැකිකරැ ඒ පට්ටම ලැබුණම තමන්ටත් ඒ ගැන කියන්න කියල අපේ දේශපාලකතුමාට දැන්නුවලු. උන්නැහේ මේ පුදුම සහගත අනාවැකිය ගැන පුදුමෙන් පුදුමෙට පත්වෙලාලු ඉන්නෙ... මොකද මේක කීවේ ඒ රටේ ඉන්න සුප්‍රකටම අනාවැකිකරැ නිසා.

 



අදහස් (0)

පුදුම සාත්තරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 736 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site