
(ගයාන් සූරිය ආරච්චි)
ජාඇල ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ගෙලට මන්න පහරක් එල්ල කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22, 33 , 45, 48 සහ 65 වයස්වල පසු වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව යතුරුපැදිකරු සමග ඇති වූ බහින්බස්වීමකදී යතුරුපැදිකරුට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.
පසුව එම ගල් ප්‍රහාරය අසල තිබූ වෙළඳ සලකට වැදීම හේතුවෙන් වෙළඳසලේ හිමිකරු සහ පිරිසක් පැමිණ එම පුද්ගලයා සමග ආරවුලක් ඇති කරගෙන තිබුණි.
එහිදී ඇතිවුණු බහින්බස්වීමකදී වෙළඳ සල් හිමිකරු සමග සිටි පුද්ගලයෙකු විසින් එම පුද්ගලයාගේ බෙල්ල ප්‍රදේශයට එල්ල කළ මන්න පහරකින් එම පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මිය ගොස් තිබුණි.
එසේ මියගොස් තිබුණේ ගම්පහ ඒකල පාර ප්‍රදේශයේ පදිංචි නුවන් කුමාර නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුද්ගල ඝාතනයකට 5ක් අත්අඩංගුවට
rilaa rilaa Wednesday, 16 October 2024 01:52 PM
චණ්ඩිකමින් ප්‍රශ්න විසඳන්න ගියාම ඔහොම වෙනවා. පව් මැරුණු කෙනා. බයික්කාරයාවත් හොයලා නඩුවක් දැම්මා නම් හරි. එයා තමයි ඔක්කෝටම මුල.