IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පෞද්ගලික ඉඩම් නිදහස්කරන්න’යි උතුරු ආණ්ඩුකාරයා හමුදාපතිගෙන් ඉල්ලයි

(එෆ්.අස්ලම්)

ආරක්ෂක හමුදාව භාරයේ පවතින පෞද්ගලික අයිතිකරුවන්ගේ ඉඩම් හැකිතාක් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත් ජාතික ආරක්ෂක කටයුතු වෙනුවෙන් නිදහස් කළ නොහැකි ඉඩම්  ප්‍රකාශයට පත්කරන ලෙසත් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් මහතා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ආරක්ෂක කටයුතු සඳහා භාවිතා වන ඉඩම් හැර අනෙක් සියලු  ඉඩම් නිදහස් කර තිබෙන බවත් නිදහස් කළ හැකි ඉඩම් තවත් තිබේ නම් ඒ පිළිබඳ සොයා බලා පියවර ගන්නා බවත් යුද හමුදාපතිවරයා විසින්  ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දී තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේෂ් රාඝවන් මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැති හමුවකදී මේ බව සඳහන් කර  ඇත.

යුද සමයේදී උතුරු පළාතේ ආරක්ෂක හා මානුෂීය ක්‍රියාකාරකම් සිදුකළ ආකාරය පිළිබඳ යුද හමුදාපති ආණ්ඩුකාරවරයාට පැහැදිලි කර දී ඇති අතර එකී කාර්යන් ඉදිරියටත් සිදුකරගෙන යන බවද එහිදී සඳහන් කර තිබේ.

2015 ජනවාරි 8 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු උතුරු පළාතේ මිලිටරි ක්‍රියාකාරකම්වල විශාල වෙනස්කම් සිදුවූ බව ආණ්ඩුකාර යුද හමුදාපතිවරයා වෙත පෙන්වා දී ඇති අතර උතුරු පළාතේ ඉඩම් ආරවුල සම්බන්ධයෙන් සිය කණස්සල්ල ද පලකර ඇත.



අදහස් (7)

පෞද්ගලික ඉඩම් නිදහස්කරන්න’යි උතුරු ආණ්ඩුකාරයා හමුදාපතිගෙන් ඉල්ලයි

බිංදු Sunday, 22 September 2019 08:24 AM

උතුරට දෙමල මිනිහෙක් ආණ්ඩුකාරවරයා වශයෙන් දැමීම ගැන මම මෛත්‍රීපාල සිරිසේනට බනිනවා. දැන් සිංහලයන් අන්තිමට අසරණ වෙලා...

:       6       146

chinthaka Sunday, 22 September 2019 08:48 AM

වෙලාවට මේ හමුදාපති ඉන්නේ... ඉස්සෙල්ලා හිටපු අගමැතිතුමාගේ කෙනා හිටියා නම් මහා ඇමති "ඉ" කිව්ව ගමන්ම ආණ්ඩුවෙන් හමුදාවට දුන්නු ඉඩමුත් නිදහස් කරලා දීලා ඉවරයි.

:       2       40

සේන Sunday, 22 September 2019 09:17 AM

මේ මනුස්සයා උතුරේ ආණ්ඩුකාරවරයාද? නැත්නම් රටේ ජනාධිපතිද?

:       2       40

වත්සලා වක්වැල්ල Sunday, 22 September 2019 10:18 AM

දැන් හමුදාවට තියෙන්නේ ගොඩනැගිලි පමණයි. ඉඩම් නැහැ.

:       0       31

Sumana Sunday, 22 September 2019 01:26 PM

මේ අය හදන්නේ කොහොමහරි දෙමළ ජනතාව අවුස්සලා දේශපාලන වාසි ගන්න.

:       0       29

sharm warn Monday, 23 September 2019 09:24 AM

ඉඩම් වලට කලින් මුලතිව් වල අර පන්සලකට කරන කෙනෙහිලි කම් නවත්වන්න..

:       0       0

Truth Tuesday, 24 September 2019 03:19 AM

යාපනයේ විසූ 25000 අධික සිංහල ජනතාව ඔවුන්ගේ ඉඩම් වල නැවත ආරක්ෂිතව පදිංචි කරන තුරු එක අඟලක් දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 364 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site