IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පාතාලයන්ගේ කෝටි 400 ක ඉඩම් - සැප කාර් තහනම්


 

(*** සුජිත් හේවාජුලිගේ සහ *** ඉන්දිකා රාමනායක)

විවිධ අපරාධකරුවන් බස්නාහිර පළාතේ මෙහෙයවා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් අපරාධ මගින් උපයා ගෙන ඇති රුපියල් කෝටි 400කට වැඩි වටිනාකමින් යුත් ඉඩම් ඇතුළු දේපළ 12ක්ද, සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන 26ක්ද සොයාගෙන ඇති අතර ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය.

අපරාධකරුවන් සතු පර්චස් 900ක පමණ ඉඩම් ද බස්නාහිර පළාතෙන් සොයා ගෙන ඇතැයි ගුණසේකර මහතා කීවේය.
මේ අපරාධකරුවන්ට අයත් බැංකු ගිණුම් 102ක් ද සොයා ගත් බවත්, මේ ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 260කට වැඩි මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔහු පැවසීය.

මේ බැංකු ගිණුම්වල ඇති රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් තහනම් කිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව ද රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මේ අතර අපරාධකරුවන් නීති විරෝධීව ඉපයූ දේපළ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේ දී පොලිසියට පැමිණිලි 110ක් ලැබී තිබෙන අතර, ඒ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කර එම දේපළ තහනම් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

මේ අතර විදේශයන්ට පලාගොස් සිටින දරුණු ගණයේ අපරාධකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් (ඉන්ටර්පෝල්) රතු නිවේදන ලබාගෙන ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ දාහතර දෙනාම මෙරට සිදු වූ මනුෂ්‍ය ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයන් බව කී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔවුන් අත්අඩංගුවට ගැනීමට දැනටමත් විමර්ශන අරඹා ඇති බව ද ප්‍රකාශ කළේය.



අදහස් (1)

පාතාලයන්ගේ කෝටි 400 ක ඉඩම් - සැප කාර් තහනම්

Kamal Koyrala Wednesday, 02 September 2020 07:22 AM

සැප කාර් රජයට පවරාගෙන මන්ත්‍රීවරුන්ට හෝ රජයේ භාවිතයට ගෙන වියදම් අඩුකළ හැකි ඉඩම් ප්‍රසිද්ධ වෙන්දේසිය හෝ මුඩුක්කු නිවාස ඉවත්කර නිවාස සංකීර්ණ හෝ රජයේ ආයතන ගොඩනැගිලි සඳහා කුලී නොගෙවා සාදාගත හැකි කෝටි ගණනක අත් හිටවූ මුදල් ලංකාවේ ණයබර අඩුකරන්න ගන්න. තොතතුරු දැනගැනීමේ පනතින් අපි දැනගන්න කැමැතියි ඉඩකඩම්, වාහන ගිණුම් පිළිබඳ විස්තර කට්ටිය බෙදාගන්න ඉස්සර...

:       0       413

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 484 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site