මීට වසර 1500කට පෙර දකුණු ඉන්දියාවේ උපත ලැබූකණ්ණගි (පූජා උමාශංකර්), කෝවලන් (උද්දික පේමරත්න)නම් ධනවත් සිටුවරයෙකු සමග විවාහ වී ගෙවන සොඳුරු දිවිය මැදට ආගමනය වන මාධවී (අරුණි රාජපක්ෂ) නම් නෘත්‍යරාජිනිය හා අතර ඇතිවන ත්‍රිකෝණ ප්‍රේමයක් මුල්කරගත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ "පත්තිනි" සිංහල සිනමාපටය එළඹෙන මැයි මස 05 වැනිදා සිට ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා හල්වලදී ප්‍රේක්ෂකයා හමුවට පැමිණේ.
බුදු බව පතන පත්තිනි දේවියගේ පුරාවත පාදක කරගනිමින් මහඇදුරු සුනිලුන් විසින් රචනා කරන ලද කතාව හා සංවාද සමග ආචාර්ය රෝහණ වීරසිංහයන් මැවූ ගීත දසුන් සහිතව තිරයට එන මෙම පත්තිනි චිත්‍රපටයේ නන්දා මාලනී, උරේෂා රවිහාරි, අමරසිරි පීරීස්, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, දමයන්ති ජයසූරිය හා සමන් ලෙනින්ගේ ගායනයෙන් හැඩවී ඇත.
පූජා, අරුණි, උද්දිකට අමතරව රවින්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, විනූ සිරිවර්ධන, නීටා ප්‍රනාන්දු, අවන්ති අපෝන්සු, අමා විජේසේකර, සුරංගි කෝසලා, ගාමිණී ජයලත්, සම්පත් තෙන්නකෝන්, රමණි සිරිවර්ධන, විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, අනුර බණ්ඩාර රාජගුරු, වසන්ත විට්ටච්චි, මධුෂා රාමසිංහ, දයා අල්විස් ඇතුළු දැවැන්ත නළු නිළි පිරිවරක් සහිත පත්තිනිහි කේශාලංකරණය රුචිර දිනේෂ්ක සතුවන අතර, අංග රචනය සමීර මධු කිඳෙල්පිටියගෙනි. බිමල් දුෂ්මන්ත කලා අධක්ෂණයෙන්ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන්ද දායක වන මෙහි කැමරාකරණය චන්න දේශප්‍රිය සතුය. සුමති චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය නිෂ්පාදනය කර ඇතිමෙහි සම නිෂ්පාදකවරුන් වන්නේ ජගත් සුමතිපාල හා තිලංග සුමතිපාල මහත්වරුය. මෙහි විධායක නිෂ්පාදිකා වාගීෂා සුමතිපාලය. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී.රන්ජිත් කුමාරගෙන් වන අතර, නිෂ්පාදන කළමනාකරණය මනෝහාරී හේවාවසම්ගෙනි. පත්තිනි සහාය අධ්යක්ෂවරයා විමල් දේශප්‍රිය වන අතර, වස්ත්රාභරණ වෙනුක වික්රමාරච්චිගෙනි. ජාතික චිත්‍රපට සංස්ථා ශබිදාගාරයේ ශෂික රුවන් මාරසිංහ මෙහි නාද සැලසුම් ශිල්පියාය. නිශ්චලඡායාරූප සංදේශ් බණ්ඩාරගෙනි.
පසුගියදා සැවෝයි සිනමාහලේ පැවති පත්තිනි මාධ්‍ය දැක්මේ ඡායාරූප සමග පත්තිනි රූගත කරද්දී ගත් ඡායාරූප මේ සමග පළවේ.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'පත්තිනි' 05 දා සිට තිරගත වෙයි
සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 04 May 2016 01:11 AM
පත්තිනි චිත්‍රපටිය උසස් වර්ගයේ චිත්‍රපටියකි. (නි)