IMG-LOGO

පිතිකරු විකට් පොල්ලෙන් ගසා කඩුළු රකින්නා මරයි

බංග්ලාදේශයේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකු විකට් පොල්ලකින් පහරදී මරා දමා ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය පවසයි.

විනිසුරු ලබාදුන් නිපන්දුවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් මෙයට හේතුවී ඇතැයි කියති.

ඩකා නුවරදී අසල්වැසි මිතුරන් සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි බාබුල් ශික්දර් (16) කඩුළු රකින්නා ලෙස කටයුතු කරමින් සිට ඇති අතර පිතිකරු දැවී ගියේය. විනිසුරු එය නිපන්දුවක් ලෙස සංඥා කර ඇත. නමුත් ශික්දර් කියා ඇත්තේ විනිසුරු පිතිකරුට පක්ෂපාත ලෙස ක්‍රියා කරන බවයි. පිතිකරුට වාසි සහගත ලෙස ඔහු දැවී ගිය පන්දුව නිපන්දුවක් බව කියමින් ශික්දර් කියා ඇත්තේ මීට පෙර පන්දුවේදීද ඔහු එසේ කළ බවයි.

එයින් කෝපයට පත් පිතිකරු විකට් පොල්ලක් ගලවාගෙන ශික්දර්ගේ හිසේ පිටුපසට පහරදී ඇතැයි ඩකා පොලිස් ප්‍රධානී බුහියාන් මහබූබ් හසන් පවසයි. පහර කෑ ශික්දර් පිටිය මත ඇද වැටී ඇති අතර රෝහලට රැගෙන යන අතරතුර ඔහු මිය ගිය බව හසන් ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත.

ශික්දර්ට පහර දුන් පිතිකරු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

babul-shikdar-mother



අදහස් (0)

පිතිකරු විකට් පොල්ලෙන් ගසා කඩුළු රකින්නා මරයි

නලින් Saturday, 14 May 2016 08:52 AM

අපේ සමහර අය පුවත කියවන්නෙත් නැහැ. කොහෙවත් යන ඉන්දියන්කරයින්ට බනිනවා. මෙහෙම මිනිස්සු දේශපාලනය ගැන කතා කරන්නෙත් එහෙමයි. මොකක් උනත් තමන්ගේ පැත්ත වෙනුවෙන් කතා. (ර)

:       0       0

විමලදාස Friday, 13 May 2016 06:49 PM

මෙය ක්‍රීඩාවක් නොව සූදුවක තත්ත්වයට පත්ව ඇත (නි)

:       0       0

සාගර Saturday, 14 May 2016 12:23 PM

අයියෝ මොකක්ද මේ වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

බුද්ධික Saturday, 14 May 2016 12:23 PM

සෙල්ලම ලෙල්ලම වෙලා.(හේ)

:       0       0

විරාජ් Saturday, 14 May 2016 12:25 PM

මේ වගේ දෙයක් කවදාවත් හිතන්නේ නැතුව ඇති.(හේ)

:       0       0

බමුණු ආරච්චි Saturday, 14 May 2016 01:21 AM

ඉන්දියන් අය පිස්සෝ වගෙයි. එ්කට හේතුව කාගෙවත් ක්‍රීඩාවක් මොවුන් ඔලුවට ගෙන තිබීමයි. ලංකාවෙත් ඉන්නවා. එ්ත් මෙච්චර තද පිස්සෝ නැත. (නි)

:       0       0

හේමන්ත Saturday, 14 May 2016 04:13 PM

නලින් හරියට හරි. කොහෙද යන්නේ මල්ලේ පොල්. (නි)

:       0       0

සංජය Saturday, 14 May 2016 04:39 AM

අැයි ලංකාවේ ඔය වගේ ඒවා වෙන්නේ නැද්ද? (නි)

:       0       0

ටිකිරි Friday, 13 May 2016 12:15 PM

මෝඩ කෘෘර අය,ලංකාවේ අපි කවදාවත් මෙහෙම දේවල් අහල තියෙනවද? දැන් ඉතින් මැරෙනකම්ම හිරේ ඉඳපන්කෝ, එ;කොට සනීපනේ, (බ)

:       0       0

පුෂ්පකුමාර Saturday, 14 May 2016 06:01 PM

එහේ ක්‍රිකට් වලදී ඔහොම වුණාට මෙහෙ රග්බි වලදී එහෙම වුණා නේද? එ්ත් හැබැයි වෙනත් විදිහකට (නි)

:       0       0

රවි Saturday, 14 May 2016 06:40 PM

බමුණු ආරච්චි බමුණෙක්ම තමයි ඉන්දියාව, බංගලාදේශය අදුනන්නෙ නැති (නි)

:       0       0

පීරිස් Saturday, 14 May 2016 06:09 AM

අද ක්‍රිකට් යනු මහත්මා ක්‍රීඩාවක් නොවේ. තනිකරම සුදුවක්! මුලින්ම සුදුව පටන් ගත්තේ ඉන්දියාවේ කොටිපතියෝ. දැන් එ්ක හැම රටකටම බෝවෙලා. ලංකාවෙත් දැන් කරන්නේ සල්ලි හම්බකරන සුදුවක් හැටියට මිසක් රටට ආදරේට රට ඉහළට ගෙනෙන අදහසින් නෙමෙයි. එ්කයි අපි ක්‍රීඩාවෙන් පහළට යන්නේ. (නි)

:       0       0

අබය Sunday, 15 May 2016 01:20 AM

ඔය අප්‍රිකානුවෝ ඔහොමමයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site