ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ජල සහ  විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන්ට සිය ජල හා විදුලි බිල්පත් ‍ගෙවීමට මාසයක සහන කාලයක් ලබාදෙන බව මුදල් ඇමැති රවී කරුණානායක පැවසීය.