පිටකොටුව බෝධිය අසල අද රාත්‍රී 7.30 ට පමණ ඇති වු ගින්නක් රෙදිකඩ තිහකට අධික සංඛ්‍යාවකට පැතිර ඇතැයිද එය නිවිම සදහා ව කොළඹ නාගරික ගිනි නිවන අංශය එහි ගොස් ඇතැයි පිටකොටුව පොලීසිය කියයි.
අද 8.30 වන විටත් ගින්න නිවීමට හැකි වී නොමැත.ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදු වු බවද දැනගන්නට නැත.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිටකොටුවේ රෙදි කඩ 30 ක් ගිනි ගනී?
ශෂිකා Saturday, 07 December 2013 11:58 AM
අනේ දුක තමයි
පැංචි Saturday, 07 December 2013 04:13 AM
අනේ පව්...හදා ගෙන තිබුන කැදලි ගිනි ගත්තම ගෙවල් වල පොඩි උන් කන්නේ?බොන්නේ?....නගර සභාවේ නොසැලකිල්ල තමයි....කාටත් සහන සලසන්න.(නදී)
අල්විස් Saturday, 07 December 2013 07:17 AM
පොඩි මිනිස්සුන්ටමනේ වෙන්නේ.....(සුමංගල ඇල්පිටිය) හැමදේටම දේශපාලනය ගාව ගන්න එපා.(නදී)
සතයයා Saturday, 07 December 2013 07:31 AM
"බෝධිය ළඟ" " "පොල්තෙල් පහනක්" ...ගින්නට තව මොන මොන හේතු එක් වෙයිද දන්නේ නැහැ. නගර අලංකාරයේදී ඉදිරියේදී ඉවත් වෙන්නේ රදී කඩ විතරක් නොවෙන බව අද දවසේ අනාවැකියක ට මට ඉඩ දෙන්න. "දෙවියන්ට හොඳ නම් යකාටත් මොකද" කිව්වලු. (නදී)
සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 08:49 PM
අග නගරේ , 7.30 ට 30ක් පිච්චුනා. ආශ්චර්යක මහත. විපත ගැන කණගාටුයි.(නදී)
ආරියසේන Friday, 06 December 2013 08:51 PM
පිටකොටුවේ බෝධිය අසල වැඩිහරියක්ම තියෙන්නේ අටවා ගත් කඩවල්. ඒවා ඉතින් ගිනිගන්නා සුළුයි. ඒත් සමහරවිට කඩාකප්පල් කාරීන්ගේ වැඩක් වෙන්නත් පුළුවන්. (නදී)
සුමංගල ඇල්පිටිය Sunday, 08 December 2013 09:02 AM
අල්විස් මහත්තයා,මම ස්වාධීනව නොයෙක් කෝණ වලින් බලනවා මිස දේශපාලන පක්ෂයක් නැහැ. හොඳ දේ අගයනවා වගේම පළ කරනවා නම් වැරදි දේවල් විවේචනයත් කරනවා. ටිකක් හිතන්න. ගිනි නිවීම් ඒකක විතරක් නොව සියලු පහසුකම් ඇති අග නගරෙත් ඔහොම නම්, පිටිසර නගරයක ඔවැනි ගින්නක් ඇති වුණා නම් ........? (නි)
රත්නායක ආරච්චිගේ Saturday, 07 December 2013 10:54 AM
පුදුමයි එත් ඇත්තයි,ඔය ගින්න රජයේ ලේඛනාගාරයේ හෝ අමාත්‍යංශයකට විගණක අංශයකකට නොගිය එක ගැන (අ)
මදු Friday, 06 December 2013 10:36 PM
කිසිම කණගාටුවක් නෑ! (නදී)