වේදිකාව තුළින් පුංචි සිනමාවට අවතීර්ණ වී අවුරුදු 4 කාලයකදී ප්‍රේක්ෂක ප්‍රතිචාරය මෙන්ම බොහෝදෙනාගේ ආදරයට පත් චරිතයක් ලෙස රශීප්‍රභා සන්දීපනී හැඳින්වීමට පුළුවන්. වර්තමානයේ බොහෝ ටෙලිනාට්‍ය තුළින් දැකගැනීමේ අවකාශය ඇති ඇයගේ අලුත් තොරතුරු පිළිබඳව "සාරවිට" ට මෙසේ පවසා සිටියා.
මේ දවස්වල ඇත්තටම කාර්ය බහුලවෙලා ඉන්නේ. මොකද, ස්වර්ණවාහිනියේ යකඩ කහවුණු සහ දෙරණ නාළිකාවේ දේදුන්නයි ආදරේ ටෙලිනාට්‍ය දෙක විකාශය වෙනවා. මගේ වේදිකා නාට්‍ය ගැන කිව්වොත්, දිවයින පුරාම රත්නාවලී සහ සිංහබාහු නාට්‍ය වේදිකා ගත වෙනවා. මගේ අලුත්ම නාට්‍ය වන සමන් ප්‍රනාන්දුගේ "මිලීෂා" ලබන සතියේ පටන් ගන්නවා. ඉතිං මේ අලුත් වැඩ ටික තමයි මේ දවස් වල කාර්ය බහුලත්වයට හේතුව.
මම මෙම ක්ෂේත්‍රය පිවිසිලා මේ වන විට වසර 4ක් වෙනවා. ඒ දවස්වල මාත් එක්ක මේ ක්ෂේත්‍රයට ආපු අය මාව පහුකරගෙන ඉදිරියට යද්දී බොහෝ අය මගෙන් ඇහුවේ ඔයාට දුක නැද්ද? කියලයි. මම ඒ අයට කිවුවේ මම මේ ගමන යන්නේ බොහෝම හිමින් කියලයි. මම වැඩකටයුතු කළේ තෝරාගැනීමෙන් පසුවයි. ඒ විදිහට දිගින් දිගටම හොඳ වැඩවලට ආරාධනා හම්බ වුණා. ආපු ගමන දිහා බැලුවහම සතුටක් දැනෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුංචි තිරයේ කාර්ය බහුල චරිතය රශී ප්‍රභා