IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පුංචි ඡන්දය වසරකින් කල් යයි

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

කැබිනට් පත්‍රිකාව ගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත්, එය ඉකුත් සඳුදා(13) පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නැති බව ද වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් ,මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් හමුවි සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනෙනු ඇතැයි දැනගන්නට තිබේ

2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා ,නගර සභා සහ ප්‍රාදේශීය සභා වලට තේරීපත්වූ සභිකයන්ගේ ධුර කාලය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිතය .

එම පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන අති බහුතරයක බලය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ය .

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් කල් දැමීමට පළාත් පාලන පනත අනුව, විෂය භාර ඇමැතිවරයාට බලය හිමිවේ .

ඒ අනුව, රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් පාලන ආයතන වල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමේ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.

ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය .

 



අදහස් (10)

පුංචි ඡන්දය වසරකින් කල් යයි

Perera Wednesday, 15 December 2021 11:12 PM

දිනාගන්න පුළුවන්කමක් තිබුනා නම් ඔය චන්දෙ කොහොමහරි මේ අය තියනවා

:       2       63

ajith Wednesday, 15 December 2021 11:18 PM

IMF ආයතනයෙන් මුදල් ලැබුනොත් මැතිවරණය පවත්වනවා

:       2       44

Nanda Thursday, 16 December 2021 04:30 AM

යූ.එන් .පී එකෙන් ආව තක්කඩියෝ අද පොහොට්ටුවේ ලොක්කෝ .රටත් කාලා පක්ෂයත් කෑවා

:       11       2

nimelenThursday, 16 December 2021 12:28 PM

ලොකුම තක්කඩි කොහොමත් පොහොට්ටු නායකයෝ

:       0       20

Demuni Uduwara Thursday, 16 December 2021 04:33 AM

ප්‍රජාතන්ත්‍රවාදය කල් යයි!

:       0       13

Sunil Thursday, 16 December 2021 06:41 AM

ජනතාවගේ ප්‍රතිචාරය පිළිබදව දැඩි විශ්වාසයක් තබනවා.

:       0       14

කිරි පුතා Thursday, 16 December 2021 09:57 AM

කොටින්ට පාළනය බලය දෙන්න ඉන්දියාව අපේ රටට පටවපු මරාලයක් තමයි පළාත් සභා. නිකම් රටේ මුදල් කාබාසිනියා කරන්න හොඳයි . මේක අයින් කරල දැම්ම නම් ඉවරයි. රටට ආදරය ඇති සහ හොරකමට ලැදි නැති පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතුව මේක ඉවත් කර දැම්ම නම් හොඳයි . නමුත් ඒක වෙන්නෙ නෑ. මොකද හොරකමට හොඳ තෝතැන්නක් නිසා

:       3       17

Hafeel Thursday, 16 December 2021 12:21 PM

ඉන්දියාව මේ අනවශ්‍ය ගිවිසුම අපිට පැට‍ෙව්වේ 1987 දී. ඒ වකවානුවේ ඉපදිලාත් නැති වර්තමාන ඉන්දියානු දේශපාලකයෝ, අදටත් අපිට බලපෑම් කරන්නේ මේ සුදු අලි පළාත් සභාව ක්‍රියාත්මක කරන්න කියල. මේ රටේ පාලකයන්ට කොන්දක් නැහැ, මේ ගිවිසුම අහෝසි කරන්න. මේ පළාත් සභාව ලංකාවේ සහ ඉන්දියානු ජනතාවට කිසිසේත්ම ප්‍රයෝජන නැහැ. හැබැයි මේ රටේ සහ ඉන්දියානු දේශපාලකයන් මේ ගිවිසුමෙන් දේශපාලන වාසි ගන්නවා. හරියට අපේ දේශපාලකයන්ට මේ පළාත් සභාව පෙර පාසල වගේ

:       1       7

කිරි අප්පාThursday, 16 December 2021 12:29 PM

කිරිපුතේ උඹට චුට්ටක් වැරදිලා .මේ කියන්නේ පළාත් පාලන ආයතන කියන නගර සභා වැනි ආයතන ගැන .ඔබේ අදහස් දැක්වීම මමත් සියයට සියයක් අනුමත කරනවා .මම අහන්නෙ යහපාලනය කාලේ චන්ද කල් දානකොට ,උද්ඝෝෂණ කරපු උන්දැලාම චන්ද කල් දාන්නෙ ඇදුම් ඇදගෙනද කියලයි

:       2       15

Bamunuarachchi Thursday, 16 December 2021 11:58 AM

වසර 100 කට කල් දාන්නකෝ කවුද අකමැති කියලා බලන්න.

:       21       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 98 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 605 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 3826 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1913 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 921 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1090 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 908 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1414 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 364 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site