IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පිගා ඔයේ කසල මහවැලියට

මහනුවර  කටුගස්තොට දක්වා ගලා ඇවිත් මහවැලි ගගට කටුගස්තොටදී එක් වන පිගා ඔයේ  අති විශාල ප්‍රමාණයක් වන ප්ලාස්ටික් බෝතල්, යෝග‍ට් කෝප්ප, පොලිතීන් ඇතුළු නොදිරන අප ද්‍රව්‍ය තොගයක් වැස්සත් සමග ගසාගෙන අවිත් අඹතැන්න ප්‍රදේශයේ පිගා ඔය හරහා ඉදි කර ඇති ලෑලි පාලමක හිර වී මුළු පළාතම ගඳ ගස්වයි.

P1110827 P1110828 P1110829 P1110830(1) P1110830



අදහස් (0)

පිගා ඔයේ කසල මහවැලියට

රවී Sunday, 08 May 2016 11:36 AM

කුඩා කාලයේ මගේ ජීවිතය ගෙවුනේ මේ ලස්සන සුපිරිසිදු ඔයේ. මට මතකයි අපේ අයියා කෙනෙක් සීතල වතුරේ නිදාගෙන අමරදේවගේ ගීයක් සෙමින් ගැයුවා. එතකොට පොල්ගොල්ල ජලාශය නැහැ. බලන්න වෙනස අද. (නි)

:       0       0

ජයම්පති Sunday, 08 May 2016 11:37 AM

අඹතැන්න හරියේදී හිරවුණා නම්, ඔය කියන අපද්‍රව්‍ය එකතුවෙන්නේ අකුරණ හරියේදී තමා. (නි)

:       0       0

මුදලිගේ Sunday, 08 May 2016 04:20 PM

අපේ සුන්දර සිරි ලංකාවේ සුන්දර මිනිසුන්ගේ ක්‍රියාවන් තමයි මේ (නි)

:       0       0

සිරිමෙවන් Sunday, 08 May 2016 05:07 PM

මේවා සියල්ල පිගා ඔයාට එකතුවෙන්නේ අකුරණින්. ඔය දෙපැත්තේ තියෙන ගෙවල් හා කඩ තමයි මෙවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

රංග Sunday, 08 May 2016 05:10 PM

ඉතින් මේ පැත්තේ අයට බැරිද සංවිධානය වෙලා මේවා එකතුකරලා නගර සභාවට බාරදෙන්න? හැමදේම රජයෙන් වෙනතුරු බලාඉන්නේ නැතුව (නි)

:       0       0

පරාක්‍රම Sunday, 08 May 2016 06:02 PM

පහුගිය වසර කිහිපය තුළ ඔය පිගා ඔය ඉස්මත්තට ඇදහැලෙන තද වැසි අවස්ථාවන්හීදී පොලිතීන් හිරවීම නිසා අකුරණ නගරය යටකරගෙන පිටාර ගැලූ අවස්ථා වාර්තා වී ඇත. මේ පොලිතීන් සහ අපද්‍රව්‍ය මෙම ඔයට එකතුවන්නේ කෙසේද කියා දෙපස ප්‍රජාව හොඳාකාරව දනිති. පරිසරයට සිදුවන හානිය ගැනවත්, ඔවුනටම ඇතිවන අසීරුතා ගැනවත්, මඟතොට ජනතාවට සිදුවන හිරිහැරය ගැනවත් කිසිදු තැකීමක් නැතුවා සේය. මේ අප්‍රසන්න තත්ත්වය පිටුදැකීමට එම ප්‍රජා නායකයින්, ඔවුන්ගේ දේශපාලන නායකයින් සහ අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් මැනවි (නි)

:       0       0

නිරුපා පෙරේරා Sunday, 08 May 2016 06:42 AM

නරකද කට්ටිය එකතු වෙලා අරන් දැම්මනම්... (ර)

:       0       0

බණ්ඩාර Sunday, 08 May 2016 08:00 AM

කාට හෝ හිතුනේ නැතිද ගංගාවල පාවී යන අපද්‍රව්‍ය එකතු කර නිසි පරිදි නැවත ප්‍රතිචක්‍රිකරණය කිරීමට මෙම පාලම වැනි දෙයක් යොදා ගන්නට ?බොහෝ දුරට ප්ලාස්ටික් මෙලෙස පැමිනෙන නිසා මේවා එකතු කර විකිනීමෙන් යම් මුදලක්ද සොයාගත හැකියි.\ඔය ප්ලාස්ටික් හොයාගෙන ගෙවල් ගානේ යන කෙනෙක්ට බොහොම ලේසි....(හේ)

:       0       0

ධම්ම Sunday, 08 May 2016 09:58 AM

හොඳ අදහසක් බණ්ඩාර. එවිට අපට නිදහසේ ප්ලාස්ටික් බෝතල් ආදිය ගඟට දමන්න පුළුවන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site