IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාකිස්තාන - ශ්‍රී ලංකා ගුවන් හමුදාපති හමුවක්

(ගයාන් සූරියආරච්චි)

පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු මහතාගේ නිල ආරාධනාවකට අනුව කලාපයේ පැවැත්වෙන ඉන්ඩස් ෂීල්ඩ්-2024 යුධ අභ්‍යාස ප්‍රදර්ශනයක් සඳහා හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගි වූයේය.

ඉන්ඩස් ෂීල්ඩ්-2024 යනු කලාපීය ගුවන් හමුදාපතිවරුන් හා ජේෂ්ඨ හමුදා නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන, පාකිස්ථාන ගුවන් හමුදාවේ උසස් බහුකාර්ය යුධ මෙහෙයුම් හැකියාවන් ප්‍රදර්ශනය කෙරෙන, කලාපයේ මෙන්ම කලාපයෙන් පිට ගුවන් හමුදාවන්ගේ සහයෝගීතාවයේ වැදගත්කම ප්‍රදර්ශනය කෙරෙන යුද්ධ අභ්‍යාස මාලාවකි.

මෙහිදී දෙරටේ ගුවන් හමුදාපතිවරුන් අතර නිල සාකච්ඡාවක් ඉස්ලාමාබාත්, පාකිස්ථාන ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වූ අතර එහිදී මූලික වශයෙන් කලාපීය ආරක්ෂාව හා මෙහෙයුම් සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරන ලදි.

පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා අනාගත යුද මෙහෙයුම් වලට අනුගත වීම සදහා වර්ථමානයේ සිදුවෙමින් පවතින නවෝත්පාදන නවීකරණයන් පිලිබද ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා දැනුවත් කල අතර දෙරටේ ගුවන් හමුදාවන් අතර තිබෙන ද්වීපාර්ශවික සබදතාවය තව දුරටත් ශක්තිමත් කරමින් පුහුණුව නඩත්තු කිරීම් හා හැකියාවන් වර්ධනය කිරීම යන ක්ෂේත්‍ර වලට අවධානය දිය යුතු බව පෙන්වා දෙන ලදි.

ගයාන් සූරියආරච්චි පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු මහතාගේ නිල ආරාධනාවකට අනුව කලාපයේ පැවැත්වෙන ඉන්ඩස් ෂීල්ඩ්-2024 යුධ අභ්‍යාස ප්‍රදර්ශනයක් සඳහා හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගි වූයේය. ඉන්ඩස් ෂීල්ඩ්-2024 යනු කලාපීය ගුවන් හමුදාපතිවරුන් හා ජේෂ්ඨ හමුදා නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන, පාකිස්ථාන ගුවන් හමුදාවේ උසස් බහුකාර්ය යුධ මෙහෙයුම් හැකියාවන් ප්‍රදර්ශනය කෙරෙන, කලාපයේ මෙන්ම කලාපයෙන් පිට ගුවන් හමුදාවන්ගේ සහයෝගීතාවයේ වැදගත්කම ප්‍රදර්ශනය කෙරෙන යුද්ධ අභ්‍යාස මාලාවකි. මෙහිදී දෙරටේ ගුවන් හමුදාපතිවරුන් අතර නිල සාකච්ඡාවක් ඉස්ලාමාබාත්, පාකිස්ථාන ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වූ අතර එහිදී මූලික වශයෙන් කලාපීය ආරක්ෂාව හා මෙහෙයුම් සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරන ලදි. පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා අනාගත යුද මෙහෙයුම් වලට අනුගත වීම සදහා වර්ථමානයේ සිදුවෙමින් පවතින නවෝත්පාදන නවීකරණයන් පිලිබද ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා දැනුවත් කල අතර දෙරටේ ගුවන් හමුදාවන් අතර තිබෙන ද්වීපාර්ශවික සබදතාවය තව දුරටත් ශක්තිමත් කරමින් පුහුණුව නඩත්තු කිරීම් හා හැකියාවන් වර්ධනය කිරීම යන ක්ෂේත්‍ර වලට අවධානය දිය යුතු බව පෙන්වා දෙන ලදි.



අදහස් (0)

පාකිස්තාන - ශ්‍රී ලංකා ගුවන් හමුදාපති හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site