IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු 150,000ක් පමණ අහෝසි කිරීමටත්, අමාත්‍යාංශ 6 වසා දැමීමටත්, තවත් අමාත්‍යාංශ දෙකක් ඒකාබද්ධ කිරීමටත් තීරණය කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 26 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසානයේ ආධාර පැකේජයට අනුමැතිය ලබා දුන් අතර, පකිස්තානය වියදම් කපා හැරීමට, බදු හා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය වැඩි කිරීමට, කටයුතු කිරීමෙන් පසු පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් නිකුත් කෙරුණි.

අදාළ සාකච්ඡා සඳහා සහභාගි වී ඇමෙරිකාවේ සිට ආපසු පැමිණි පසු මුදල් අමාත්‍ය මුහම්මද් අවුරන්ග්සෙබ් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩපිළිවෙලක් අවසන් කර ඇති බවත් එය පාකිස්තානයේ අවසාන වැඩසටහන වන බවත්ය.          



අදහස් (0)

පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site