ඇමෙරිකාවේ නාසා ආයතනය, නව රොකට්ටුවක ආධාරයෙන්, සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. මෙම යානය නම් කර ඇත්තේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය Peregrine Lunar Lander යනුවෙනි.
නාසා ආයතනයේ කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස් NASA’s Commercial Lunar Payload Services (CLPS) වැඩසටහන යටතේ, පෙරිග්‍රීන් චන්ද්‍ර යානය පෘථිවි කක්ෂයට සාර්ථකව රැගෙන ගියේ යුනයිටඩ් ලොන්ව් අලයන්ස් United Launch Alliance (ULA) සමාගම නිපදවා ඇති නව රොකට්ටුවේ ආධාරයෙනි.
පෙරිග්‍රීන් චන්ද්‍ර යානය නිපදවා ඇත්තේ, නාසා ආයතනය වෙනුවෙන්, ඇස්ට්‍රෝබෝටික්ස් Astrobotics තාක්ෂණ සමාගම විසිනි. ඇස්ට්‍රෝබෝටික්ස් Astrobotics යනු ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමකි.
නාසා ආයතනයේ කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස් වැඩසටහන යටතේ සඳට යැවෙන පළමු ගවේෂණ යානය වන්නේ ද මෙම යානයයි. යානය සඳ මතට පතිත කරවන ලෑන්ඩර් Lander වර්ගයේ එකකි.
යානය, පෙබරවාරි මස 23 වෙනිදා සඳට ගොඩබැසීමට නියමිතය.
මීට වසර 50 කට පමණ පෙර, ඇපලෝ මෙහෙයුම් අවසන් වීමෙන් පසු ඇමෙරිකාවේ නාසා ආයතනය, රොබෝ යානයක්, සඳට යවන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නාසා සඳට රොබෝ යානයක් යවයි
ගමේ එකාලා Tuesday, 09 January 2024 12:06 AM
අපේ රටේත් ඉන්නවා රොකට් යැවීම පිළිබඳව නම් දරාපු කෙනෙක් චිවී R.R. කියලා කෙනෙක් දකණේ.නාසා ආයතනයට අමතක වෙලා වෙන්ඩැති .