IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘නව ව්‍යවස්ථාව හදන කමිටු වාර්තාව පොදු ලියවිල්ලක්‘

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවට කිසියම් පුද්ගලයකුට හෝ සංවිධානයකට අදහස් දැක්වීමට අවශ්‍ය නම් ලිපියක්, ඊමේල්, ෆැක්ස් හෝ දුරකථනයෙන් දැන්විය හැකි බව එම කමිටුව කියයි.

කමිටු රැස්වීම් මහජනයාට හා මාධ්‍යයට විවෘත බවත් කමිටු වාර්තාව පොදු ලියවිල්ලක් වන බවත් කමිටුව පවසයි.

මෙම කමිටුවට නීතිවේදී ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් සාමාජිකයන් 20 දෙනකු පත් කැර ඇත. ඊට ලේකම් වින්ස්ටන් පතිරාජ මහතා ද සෙසු සාමාජිකයන් ලෙස  ෆයිස් මුස්තාපා, මහාචාර්ය ගාමිණි සමරනායක, මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර, මහචාර්ය එම්.එල්.ඒ.කාදර්, එන් සෙල්වකුමාරන්, එස් තේවරාජා, කුෂාන් ද අල්විස්, ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය කුමුදු කුසුම් කුමාර,  සුනිල් ජයරත්න, ආචාර්ය උපුල් අබේරත්න, තේමිය හුරුල්ලේ, ආචාර්ය එස්.විජේසන්දිරන්, එම්.වයි.එම්.ෆායිස්, එම්.කේ.නදීකා දමයන්ති, කාන්ති රණසිංහ මිය, එස්.සි.සි.ඉලංගකෝවන්, සිරිමසිරි හපුආරච්චි යන මහත්ම මහත්මීහු පත් කැර ඇත.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ වාචික සහ ලිඛිත යෝජනා මහජනයාගෙන් ලබා ගැනීමට මෙම කමිටුවට නිර්දේශ කර ඇති අතර එම යෝජනා සලකා බලා කමිටුව විසින්  ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ අනුකමිටුවට නිර්දේශ ද ඇතුළත් වාර්තාවක් බාරදීමට නියමිතය.

www.yourconstitution.lk වෙබ් අඩවියේ සඳහන් වී ඇති මාතෘකා අනුව ඕනෑම පුරවැසියෙකුට හෝ සංවිධානයකට යෝජනා ඉදිරිපත් කළ හැක. එම යෝජනා වෙබ් අඩවියේ වම්පස ඇති සම්බන්ධයන් මගින් ඊ-මේල් හෝ ෆැක්ස් මගින් ද තැපැල් මගින් සභාපති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබ‍ඳ මහජන අදහස් විමසීමේ කමිටුව, ලේකම් කාර්යාලය, විසුම්පාය, කොළඹ 02 යන ලිපිනයට ද එවිය හැකිය.

කමිටු සැසිවාරයකට සහභාගීවීමට කැමති පුද්ගලයන්ට/සංවිධානවලට කමිටු කාර්යාලයට සම්බන්ධ වී කලින් වේලාවක් වෙන්කර ගත හැක. ඒ සඳහා

දුරකථන        -  (011) 243 7676
ෆැක්ස්  -  (011) 232 8780
විද්‍යුත් තැපෑල -  [email protected]
වෙබ්   අඩවිය -  yourconstitution.lk

යන ලිපිනයන් හා අංක යොදා ගත හැකි බවත් කමිටුව පවසයි.


 



අදහස් (0)

‘නව ව්‍යවස්ථාව හදන කමිටු වාර්තාව පොදු ලියවිල්ලක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site