IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නව මහ ඇමතිට මහා බෝධිය සෙත් පතයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ  නව මහ ඇමති ලෙස තුන් වන වරටත් තේරී පත් වූ භාරතීය ජනතා පක්ෂයේ ශිවරාජ් මෞහාන් මහතා දිව්රුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති දඹදිව සාංචි විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගී වුහ.

මහා සංඝරත්නය එහිදී  නව මහ ඇමති ශිවරාජ් මෞහාන් මහතාට සෙත් පැතූහ.

අද දහවල් ඉන්දියාවේ බෝපාල් නගරයේදී පැවැති විශේෂ උත්සවයකදී ශීවරාජ් මෞහාන් මහතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

භාරතීය ජනතා පක්ෂයේ මී ලග අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝදි,  ජ්‍යෙෂ්ඨ නායක එල්.කේ අද්වානි, ඉන්දීය විපක්ෂ නායිකා සුස්මා ස්වරාජ් ඇතුළු දේශපාලඥයින්ද,  සම්භාවනීය අමුත්තන්ද, රාජ්‍ය නිලධාරීන් සහ මධ්‍ය ප්‍රදේශයේ ජනතාවද මෙම අවස්ථාවට එක් වුහ. 

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති දඹදිව සාංචි විහාරාධිපති බානගල උපතිස්ස නාහිමි,  නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ මාධ්‍ය අධ්‍යක්ෂක සමන් අතාවුදහෙට්ටි මහතාද විශේෂ ආරාදිතයින් වශයෙන් මෙයට සහභාගී වුහ.

 

 



අදහස් (0)

නව මහ ඇමතිට මහා බෝධිය සෙත් පතයි

ආරියසේන Sunday, 15 December 2013 11:05 AM

භාරතීය ජනතා පක්ෂය වැඩිම පාක්ෂිකයින් හින්දු.(දිල්)

:       0       0

පොරමොලා -බින්තැන්න Saturday, 14 December 2013 08:10 PM

තුන් වරක්- තුන් සරණක්- සෙත් පැතුමක් - අගේ වැඩක්...(දිල්)

:       0       0

වීර Saturday, 14 December 2013 08:17 PM

භාරතීය ජනතා පක්ෂයට ජය ලැබේවා!!!(දිල්)

:       0       0

අනුර නාවලපිටිය Saturday, 14 December 2013 08:24 PM

මේවගේ දේවල් හොද වැඩ(දිල්)

:       0       0

එදිරිසිංහ ඉන්දික Saturday, 14 December 2013 09:37 PM

තමිල් නඩුවේ බලයේ වෙනසක් ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේ. ජයලලිතා ගේ ඔටුන්නේ හිමිකාරයා අපේ රටට වැදගත් කෙනකු වේවි. ජයලලිතාට නැවත බලය ලැබුනොත් අපේ බලයේ සිටින අය කුමක් කරාවිද ? (නදී)

:       0       0

අමිත් Saturday, 14 December 2013 11:17 PM

බි.ජේ.පී. යටවුනත් බහුතරයක් ගන්නවෙන එකක් නැහැ, ඉන්දියාවෙ ප්‍රාන්ත දේශපාලන අරගලය නිසා. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site