IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්

(ජේ.ඉඳුරුවගේ) 

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ  අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා  ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ  ගැසට් නිවේදනයක්   නිකුත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි ව්‍යවස්ථාව සහ 157 අ  ව්‍යවස්ථාවේ (7) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උප ලේඛනයේ සහ හත්වන උප ලේඛනයේ දක්වා ඇති ආකාරයට ප්‍රතිඥා දී අත්සන් තැබීම මගින් අනුර කුමාර දිසානායක මහතා 2024 සැප්තැම්බර් 23 දිනයේදී  වර්ෂ පහක කාලයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරය භාරගත් බව මෙම ගැසට් නිවේදනය මගින් නිවේදනය කරයි.

නව   ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය ඊයේ(23) නිකුත් කෙරිණි .

 



අදහස් (5)

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්

යෝගා Tuesday, 24 September 2024 09:41 AM

2019ත් ඔහොම ගැසට්ටුවක් ගැහුව මතකයි.

:       29       25

අරවින්ද මොනරවිල Tuesday, 24 September 2024 10:44 AM

කළබල වෙන්න එපා යෝගා මහත්තයා 2019 විතරක් නොවෙයි 1982 සිට 2015 දක්වා හත් වරක් ඔය ගැසට් එක ගැහුවා, ඒක ඔයාට අමතක වෙලා වෙන්න ඇති.

:       5       19

indajth Tuesday, 24 September 2024 10:46 AM

2019 විතරක් නෙමෙයි ජනාධිපති දිවුරුම් දුන්නාට පස් මේ ගැසට් එක 1982 ඉදන්ම නිකනුත් කරනවා

:       0       10

primeshika Tuesday, 24 September 2024 11:07 AM

ලංකාවේ අවසන් විධායක ජනාධිපති ලෙස ඉතිහාස ගත වේවිද?

:       8       15

පියදාස Tuesday, 24 September 2024 05:07 PM

මොන පිස්සුද? ආණ්ඩු හදන්නේ කොහෙද ඔය ඡන්ද ටිකෙන්. අනික ආණ්ඩුවක් නැතිව ඕවා කරන්නත් බෑ . කියන දේවල් කරන්නෙත් නෑ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site