( අජන්ත කුමාර අගලකඩ)
නව ආණ්ඩුකාරවරු 6 දෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
ඒ අනුව සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර ආණ්ඩුකාරවරිය ලෙසද , විලී ගමගේ මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද , රාජා කොල්ලුරේ මහාතා ඌව ආණ්ඩුකාර ලෙසද , ඒ.ජේ.එම් මුසම්මිල් මහතා වයඹ ආණ්ඩුකාර ලෙසද , ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙසද ,ලලිත් ගමගේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද දිවුරුම් දුන්හ.
ඉතිරි පළාත් තුන සඳහාද නව ආණ්ඩුකාරවරුන් අද (21 ) දිවුරුම් දීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නව ආණ්ඩුකාරවරු 6 ක් දිවුරුම් දෙති
Chanak los angeles Thursday, 21 November 2019 05:35 AM
පොරොන්දු ඉෂ්ඨ වෙන පාටක් නම් පෙනෙන්නේ නැහැ ..
gamaralaThursday, 21 November 2019 08:22 AM
ටිකක් ඉවසන්න. එතුමාගේ කටයුතු එයා වෙලාවට කරයි. තාම ඇඳුම දාගත්ත විතරනේ.
nihal Thursday, 21 November 2019 05:53 AM
වහාම විග්නේශ්වරම් ඉවත් කරන්න.
ජහමනයාThursday, 21 November 2019 06:26 AM
විග්නේෂ්වරන්වත් පත් කරලද ආණ්ඩුකාර ධූරයට ඒවට ඉඩ දෙන්න ඕන නෑ.
අනුරThursday, 21 November 2019 08:30 AM
විග්නේෂ්වරන් ආණ්ඩුකාරයෙක් නොවේ. ඉතින් කොහොමද අයින් කරන්නේ. අයින් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
සංජීව Thursday, 21 November 2019 08:10 AM
69 ලක්ෂයක් බලාගෙන ඉන්නේ. ඒ අයව රවට්ටන්න එපා.
sisiraThursday, 21 November 2019 09:41 AM
මොකද්ද ඔබ කියන රැවටීම ? තාම දවස් හතරයි ගියේ
samithThursday, 21 November 2019 03:12 PM
ගෝඨාභය කියන්නේ මැජික්කරුවෙක් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවනේ, බතක් වුනත් ලිපේ තිබ්බ ගමන් අනික් අතට බෙදාගෙන කන්න බෑනේ මහත්තයෝ. ඒක නිසා බත ඉදෙන හැටි බලාගෙන ඉන්න. එතකොට මල වගේ බත ආවහම ඔබතුමාටත් කන්න නෙමේ දැක්ක ගමන් බඩ පිරෙයි.
Mahee Thursday, 21 November 2019 02:05 PM
ආණ්ඩුකාරයා යනු ඒ ඒ පළාතට සිටින ජනාධිපතිගේ නියෝජිතයාය. විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයෙකුගේ සියලුම කාර්යයන් රාජ්‍ය යන්ත්‍රණය විසින් ඉටු කෙරේ. ඒ නිසා ආණ්ඩුකාර තනතුරු යනු අපේ බදු මුදල් නීත්‍යනුකුලව නාස්ති කිරීමට හදාගත් උපාය මාර්ගයක් පමණකි.