IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නව අස්ගිරි මහනාහිමි පත්කිරීම අප්‍රේල් 7

අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් තෝරාගැනිම අප්‍රේල් 7 වැනිදා සවස 4ට සිදුකිරීමට අද පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය කැරිණි. අද (20) පස්වරු 4.00 ට අස්ගිරි මහා විහාරයේදි මෙම සාකච්ඡාව පැවැති අතර එහිදී අපවත් වී වදාළ ගලගම අත්ථදස්සී නාහිමියන්ගේ ගුණ සිහිපත් කිරීමක්ද සිදු විය.

asgirirya_2016321 asgirirya_2016321-2 asgirirya_2016321-3


අස්ගිරි මහනායක පත්කිරීම ගැන විශේෂ සාකච්ඡාවක් අද

අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් තෝරාගැනිමේ පළමු සාකච්ඡාවක් අද (20) පස්වරු 4.00 ට අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වෙන බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකකාධිකාරි  නාරම්පනාවේ ආනන්ද හිමියෝ කියති.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක වරකාගොඩ ශ්‍රි ගුණරතන නාහිමියන් සහ අනුනායක  වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහාවිහාරිය කාරක සංඝ සභාව රැස් වි අස්ගිරි මහනායක ගලගම අත්ථදස්සි මහ නාහිමියන්ගේ අපවත් වීම සම්බන්දව සංවේගය පළ කර ඉන් පසු උන් වහන්සේ කළ සේවාව ඇගයීමට ද කටයුතු යොදා ඇත.

පුරප්පාඩු වු අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් පත් කර ගැනිම සඳහා දිනයක් යොදා ගැනිම ද අද සිදු කිරීමට නියමිත බවත් ආනන්ද හිමියෝ කීහ.

 



අදහස් (0)

නව අස්ගිරි මහනාහිමි පත්කිරීම අප්‍රේල් 7

ද සිල්වා බර්ලින් Sunday, 20 March 2016 10:19 PM

පසුගිය කාලේ හිටපු අස්ගිරි මල්වතු නායක හාමුදුරුවරු කවුරුවත් බලයේ ඉන්න දේශපාලක බලවතුන්ව වැඩිය විවේචනය කළේ නැහැ. සෝම හාමුදුරුවනේ, සෝභිත හාමුදුරුවනේ, ඔබ නැති අඩුපාඩුව අපිට හොඳටම දැනෙනවා (නි)

:       0       0

ජනක Monday, 21 March 2016 12:58 AM

කැප්පෙටිපොල මහතාණෙනි, ඔබගේ කාලෝචිත අදහසට මමත් එකඟවෙමි. (නි)

:       0       0

ගාමිණි Monday, 21 March 2016 01:42 AM

රටේ දුක්විඳින පීඩිත ජනතාව ගැන සිතා කටයුතු කරන, උගත් සිල්වත් හිමිනමක් පත්වන්නේ නම් රටටම සෙතක් වනු ඇත. (නි)

:       0       0

සඳරුවන් Monday, 21 March 2016 02:05 AM

දේශපාලන පත්වීමක් නොවී බහුශ්‍රැත, සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් පත්වේවායි පතමි (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 20 March 2016 11:46 AM

කවුරු ආවත් ශාසනේ විනාශයෙන් බේරා ගන්න බවක් නම් අපට පේන්නේ නැහැ. (බ)

:       0       0

කැප්පෙටිපොළ Sunday, 20 March 2016 12:26 PM

රට, ජාතිය සහ බුද්ධ සාසනය විනාශ කරන දුෂිත දේශපාලකයන්ට තදින්ම අවවාද කළහැකි, කෙලින් වැඩකරන සිල්වත් හිමි නමක් නායක තනතුරට පත් කීරිම යුගයේ අවශ්‍යතාවයයි අපේ හාමුදුරුවනේ (බ)

:       0       0

එරික් Monday, 21 March 2016 04:01 AM

ඥානසාර හිමිගේ නම යෝජනා කරනවා (බ)

:       0       0

ඩෙන්සිල් ගුණවර්ධන Monday, 21 March 2016 04:24 AM

දළඳා මාළිගාව අසල මාර්ගය වසා තැබීමෙන් පීඩාවට පත්වන ජනතාවගේ දුක අවබෝධ වෙන උගත් සිල්වත් ගුණවත් හිමිනමක් ගරු පදවිය ලබත්වා (බ)

:       0       0

මාලිංග උදලාගම Sunday, 20 March 2016 08:29 AM

බහුශ්‍රුත, සිල්වත්, රට ලෝකය ගැන මනා අවබෝධයක් ඇති පූජනීය වේඩරුවේ උපාලි අනුනායක ස්වාමීන්වහන්සේ මහානායක පදවියට පත්වනු ඇති සිතමි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site