IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නව අල්ලස් කොමිසම කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ)

දූෂණ විරෝධී නව  පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී  ඇතත්   ඒ  පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා  විමර්ශන කොමිෂන් සභාව  ස්වාධීන ආයතනයක් වශයෙන් බලගැන්වීම සම්පූර්ණයෙන්ම   ඇනහිට  ඇතැයි වාර්තා වේ.

 අමෙම තත්වය යටතේ එම  කොමිසමට  අල්ලස් හෝ දූෂණ චෝදනා  සම්බන්ධයෙන්  විමර්ශන පැවැත්වීමට  සක්‍රීයව  මැදිහත්වීමේ  හැකියාව අහිමිව  ඇතැයි කියති.

අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් වශයෙන් බල ගැන්වීම  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගැනීමෙන් පසු  පාර්ලිමේන්තුවේ යෝජනාවක්   සම්මත  කිරීමෙන්  ක්‍රියාත්මක  කළ යුතුව ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බලගැන්වීම සඳහා කැබිනට් තීන්දුව   ගැනීම ප්‍රමාදවීම හේතුවෙන් එහි  ඉදිරි වැඩකටයුතු විධිමත් කිරීමේ ප්‍රමාදයක් මතුව ඇතැයි  දැනගන්නට ඇත.

කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස බල නොගැන්වීම  සම්බන්ධයෙන්  දේශපාලන පක්ෂ ඇතුළු විවිධ පාර්ශ්ව ගණනාවක්  රජයට පසුගිය කාලයේ නොයෙක් වර කරුණු පෙන්වා දී තිබිණ.

මේ අතර කොමිෂන් සභාව ප්‍රතිව්‍යුහගත කිරීමේ නව සැලැස්ම ඇතුළු වැඩපිළිවෙළ ඉකුත්  ජූලි මාසය අවසානයේදී අමාත්‍ය මණ්ඩලයට  ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාට  යවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

 

 

 



අදහස් (2)

නව අල්ලස් කොමිසම කොටඋඩ

පිටරටවැසියා Monday, 07 October 2024 12:04 AM

අරුම පුදුම නීති? ලංකාවේ විතරයි මෙවැනි නීති දකින්නට ලැබෙන්නේ..!!!

:       0       0

tissa Monday, 07 October 2024 01:54 PM

හිටපු අයගෙන් කොයි කෙනා ඕකට කැමැති වෙයිද කියන්න බලන්න...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site