IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නවසීලන්තය ලකුණු 108 යි

(යොහාන් භාසුර)

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 19.3කදී ලකුණු 108 කට සීමාවිය.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 5.45 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 109 ක් රැස්කළ යුතුය.

වනිඳු හසරංග, දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17 කට නවසීලන්ත පිලේ කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.

කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් විනාඩි 20 ක් ප්‍රමාද වී රාත්‍රී 7.20 ට ආරම්භ කළේය.

නවසීලන්ත පිල ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 108 (විල් යංග් 30, මිචෙල් සෑන්ට්නර් 19, ජෝෂ් ක්ලාර්ක්සන් 24, නුවන් තුෂාර 22/2, වනිඳු හසරංග 17/4, මතීෂ පතිරණ 11/3, මහීෂ් තීක්ෂණ 16/1)

 



අදහස් (0)

නවසීලන්තය ලකුණු 108 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site