IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නුවරඑළිය වේළේ

නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 මට්ටම ඊයේ දහවල් කාලයේ දී සටහන්ව තිබුණි. මාසයක වැඩි කාලයක් නුවරඑළිය හා අවට ප‍්‍රදේශවලට වැසි නොලැබීම නිසා නුවරඑළියේ වගා බිම් විනාශ වෙමින් පවතී. ඒ සමඟම බොහෝ ස්ථානවල අඩි 15 ක් උසැති ගස් මැරී යාමේ තර්ජනයකට ලක්ව ඇත. නුවරඑළිය නගරය මැදින් ගලා යන නානු ඔය සිදී යෑමේ තර්ජනයකට ලක්වීම නිසා වික්ටෝරියා උද්‍යානය මැදින් කුඩාවට ගලා බසින දිය පාර දැඩි දුර්ගන්ධයක් මතුවීම නිසා උද්‍යානයට එන සංචාරක පිරිස් දැඩි අපහසුතාවයකට ලක්ව සිටිති.

වික්ටෝරියා උද්‍යානයේ මල් පාත්තිවලට ජල සම්පාදනය කොතෙක් කලත් උද්‍යානය පුරාම දැකගත හැක්කේ වියළි ස්වභාවයකි.

නගරයේ ඉහළ ගම්මානවලට ජලය සැපයීමේ දැඩි දුෂ්කරතාවයට මහ නගර සභාව ලක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඇතැම් උස් ස්ථානවලට දින ගණනාවකින් ජලය ලැබී නැති බව පාරිභෝගිකයින් සඳහන් කරයි. එහෙත් දියඇලි සිඳී යාමේ තර්ජනයට ලක්වීම, ජල පෝෂක ප‍්‍රදේශවල ඇති වියලි භාවයක් පැවතීම පානීය ජලය බෙදාහැරීමේ දුෂ්කරතාවයක් ද ඇති බව පෙනෙන්නට තිබේ.

දැඩි වියළි ගතිය හේතුකොටගෙන කඳුකරයේ බොහෝ ස්ථාන ගිනිගැනීමට ලක් වු අතර, ඒවා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය හා යුධ හමුදාව, සිවිල් ආරක්‍ෂක කමිටුවල සහයෝගය මත පාලනය කර ගත හැකිව ඇත. ශාන්තිපුර, කලාපුර ගම්මානයට ආසන්න නැවත වන වගාවක් තුළ ගිනිගැනීමක් පාලනය කිරීමෙන් පසු සිල්පර කොටන් කැපීම සඳහා වසර ගණනාවකට පෙර පරිසරයට එකතු වු යතු කුඩු පස් යට තිබී විටින් විට ගිනි ගැනීම වැලැක්වීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැඩි වෙහෙසක් ගන්නා අයුරු දකින්නට ලැබුණි.

IMGP0002 IMGP0003 IMGP0007 IMGP0021 IMGP0023



අදහස් (0)

නුවරඑළිය වේළේ

දහම් Wednesday, 23 March 2016 10:51 AM

මේකටත් ඉතින් මහින්දට තමයි බැනුම් අහන්න වෙන්නේ.(අ)

:       0       0

අභය Wednesday, 23 March 2016 10:56 AM

අපේ රටට මොකක්ද මේ වෙන්න යන්නේ... ඒ අස්සේ බලහල්ලකෝ අපේ පොලිසියේ ලොකු මහත්තයා ඉන්න සෝමාරි ලීලාව.(අ)

:       0       0

මැග්ලින් Wednesday, 23 March 2016 11:45 PM

එක්තරා විදියකට මිනිසා සොබාදහමට කරපු විනාශයට සොබාදහමින් මිනිසාට පාඩමක් උගන්වල වගෙයි.(අ)

:       0       0

උපුල් Wednesday, 23 March 2016 11:36 AM

එකෙක් වැඩකරනකම් දෙන්නෙක් බලන් ඉන්න රටක් මේක (ම)

:       0       0

නලින් තුෂාර Wednesday, 23 March 2016 11:50 AM

වනාන්තර ගිනි තියන කැලෑපාළුවන්ගෙත් තම ලෙයින් උපන් දරු පැටවු දූෂණය කරන තිරිසන් මිනිසුන් ඉන්න අපේ රටට දේව ශාපයක් වැදිලා (බ)

:       0       0

සමන්ත Wednesday, 23 March 2016 12:33 PM

අපේ රටට නියග දුර්භික්ෂ කාලයක් ඇවිත්. (බ)

:       0       0

ඩෙන්සිල් ගුණවර්ධන Wednesday, 23 March 2016 12:38 PM

සොබාදහමට කරපු විනාශය (බ)

:       0       0

මැටිපහන Wednesday, 23 March 2016 12:38 PM

අපේ රටට විතරක් නෙමෙයි මේක හැමතැනම වෙන වෙනසක්. කොහොම වුනත් දැන් හැමෝම ගස් වවන එක, පරිසර විනාශය ගැන කතා කර කර ඉඳල වැස්ස ආපුවම ඔක්කොම අමතක කරලා පුරුදු විදියට වැඩ පටන් ගනීවි. ඕක තමයි ප්‍රශ්නේ. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 23 March 2016 12:45 PM

නුවරඑළියට ඔහොම නම් අපේ පළාත් ගැන කුමන කතාද..(බ)

:       0       0

නාරද Wednesday, 23 March 2016 01:36 PM

පාලනයට දෙවියොත් , සොබාදහමත් කම්පාවෙලා, තව ටික දවසකින් එළවලු කාළත් හමාරයි (බ)

:       0       0

ඇසළ Wednesday, 23 March 2016 02:00 PM

විල්පත්තුවේ කරන වන විනාශයට ලැබෙන ප්‍රතිපල තමයි මේවා. ලංකාවත් කාන්තාර අරාබියක් වෙච්ච දට තමයි නින්ද යන්නේ. රජයක් වශයෙන් මේවා පාලනය කරන්න බැරිනම් ඇති වැඩක් නැහැ. (බ)

:       0       0

රඛිත Thursday, 24 March 2016 12:16 PM

මහින්ද ජනපති,පැන්නූ නිසා මේ දේව සාපය,,රටට අද වනතෙක් කරපු සංවර්ධනයක්වත් නෑ,,රජයෙ භාන්ඩාගාරයෙත් සල්ලිත් නැලු,,,,අන්තිමට රටට හුලනුත් නෑ (බ)

:       0       0

රොෂාන් Wednesday, 23 March 2016 06:52 PM

මැලේසියාවේ ඉස්කෝලත් වහල (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site