IMG-LOGO

නුවරඑළියේ මන්ත්‍රී බංගලාව අවුරුදු මාසයටම ’’බුක්’’

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නුවරඑළියේ  පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවෙස (general,s house ) බංගලාව සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන  අවසන්ව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

සියලු පහසුකම් සහිත මෙම සෙන්පති නිවෙස බංගලාවේ  පවතින කාමර ගණන 19කි.

මන්ත්‍රීවරයෙකුට එක් වරකදී එහි කාමර තුනක්  දින තුනක  කාලයක් සඳහා වෙන්කරවා ගැනීමට හැකියාව ඇත.

මේ අතර  සමහර මන්ත්‍රීවරුන්  මෙම බංගලාවේ  කාමර  සිය ඥාතීන්ට හා හිතවතුන්ට  වෙන් කරවා දෙන බවට පාර්ලිමේන්තු නිලධාරීහු චෝදනා කරති.

සෙන්පති  බංගලාවේ සියලු කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය (Member  service) විසිනි.



අදහස් (7)

නුවරඑළියේ මන්ත්‍රී බංගලාව අවුරුදු මාසයටම ’’බුක්’’

Pradeep Kumara Wednesday, 13 April 2022 12:59 PM

මේවා නම් ඉතිං දෙන්නම ඕන දේවල්. රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කැපවෙලා වැඩ කරන උදවියනේ. පොඩි නිවාඩුවක් ගත්තාම මොකද මහන්සිය නිවා ගන්න.

:       0       0

karu Wednesday, 13 April 2022 01:27 PM

සෙන්පති , මේක නමත් යාවත්කාලින කරන්න වෙයි වගේ. ගැලපෙන්නේ නැ .

:       0       0

ජයරත්න Wednesday, 13 April 2022 01:39 PM

මුන් ජනතාවට බොරු කියමින් බලය ලබාගෙන ඒ බලයට අයිති වරප්‍රසාදයැයි කියමින් මහජනතාවට අහලවකවත් නැති පහසුකම් පවුල්,ඥාති හිතවතුන් බුක්ති විදනව. මේව 77 න්පසුව ලැබුණු වරප්‍රසාද, ඉතින් බලය අත් හරීද?

:       0       0

කිරි පුතා Wednesday, 13 April 2022 01:42 PM

මේ සේරම රටට බරක්. අනවශ්‍ය සියලු වරප්‍රසාද නැති කරන්න ඕන. මේ සැප ගන්න ඇවිිත් පරම්පරා ගාණකට හම්බත් කරගෙන රට වනසලා ගෙදර යනවා. සියලුම පක්ෂවලට පොදුයි මේක.

:       0       0

Malika Wednesday, 13 April 2022 02:46 PM

ආ ඉල්ලා අස් උනොත් කෝ මේ සැප.

:       0       0

Vipula Wednesday, 13 April 2022 11:19 PM

දොඩම්පෙගම්ගේ කියන නුවර එළියේ හිටපු නගරාධිපතිගෙයි මලයාගෙයි හෝටල් වලට ගැස් කිසි හිගයක් නැහැ . ජනතාව බඩගින්නේ මුන් ජතවගෙන් හොරාකලා මහා වියපරිකයෝ වෙලා අවූරුදු කිහිපයකින් . මුන් ගේ අදායම් වාර්තා වහා ආදයම් දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලන්න . මහා පරිමාණ හොරු.. නුවර එළියේ ලොකුම ඉඩම් හොරුත් මුන් . මුන් 2010 මහින්දගේ . 2015 යහපාලනේට ගියා .2020 ගොටගේ . දැන් JVP එක්ක ශේප් එකේ . හැමදාම පැත්ත මාරු කර කර ජනතාව මංකොල්ල කැවා . මුන්ට රට පනින්න දෙන්න එපා

:       0       0

විජේ Thursday, 14 April 2022 12:51 PM

මේවට කොහෙන් හිනාවෙන්ඩද කියලා තේරෙන්නෑ අප්පා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 349 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site