IMG-LOGO

නිවුන් සොයුරිය සොයා රට වටේ යන සොයුරිය

(උපුල් හේරත්)

නිවුන් සොයුරියන් ලෙසින් එකට ඉපදී කුඩා කල වෙන්වූ බව කියන තම  සොයුරිය සොයා ගුරුවරියක රට වටා ඇවිදින ගමනේදි මිහින්තලා නගරයේ දී හමු වූ පුවතක් මිහින්තලා පුද බිමෙන් වාර්තා විය.

මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි අනුරාධා මහවෙලගේ (40) නැමැති අවිවාහක  විද්‍යා ගුරුවරියකි.

මොවුන්ගේ මවත්, පියත් කුඩා කාලයේ දී මියගිය බව පවසන ඇය  මානෙල් නමින් තවත් සොයුරියක් සිටින බව කියා සිටියාය.

එම සහෝදරිය වෙනත් කෙනකුට හදා ගැනීමට ලබාදුන් බවත්,එකල මාපියන් පැවසූ නමුත් ,මාගේ අනෙක් වැඩිමහලූ සොයුරන් දෙදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ නමුත්,ඔවුන් කිසිවක් අනාවරණය නොකරන බවද කියා සිටියාය.

මෙම පුවත කන වැකුණු මිහින්තලේ රජ මහා විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් කියා සිටියේ ,එම කාන්තාවගේ ඡායාරූපයක් තිබේ නම් මෙම පුද බිම තුළ ප්‍රදර්ශනය කිරීම වරදක් නොවන බවයි .ඒ සඳහා ඇයට විහාරාධිපති හිමියන් උපකාර කරන ලදී .

මානෙල් මහවෙලගේ නැමැති නිවුන් සොයුරිය මිහින්තලයේ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙසින් සේවය කරන බවට ඇය කීවත් රජරට විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය සේන නානායක්කාර මහතාගෙන් කළ විමසීමක දී කියා සිටියේ, එවැනි කෙනෙක් ගැන මතකයේ නැති බවයි.

මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නමිි 076- 7584969 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඇය කාරුණිකව ඉල්ලා සිටියාය.

 

 



අදහස් (4)

නිවුන් සොයුරිය සොයා රට වටේ යන සොයුරිය

සමන් Monday, 23 January 2023 04:50 PM

හමුවේවායි පතමි..

:       0       0

කෝන්වින්න Monday, 23 January 2023 06:07 PM

මානෙල් මහවෙලගේ කියලා කිව්වට වෙනත් කෙනෙකුට හදාවඩා ගැනීමට දීපු කෙනෙක් නම් ඇයගේ උප්පැන්නයේ නම වෙනස්කර ඇති ඒ නමින් සොයන්න බැහැ .එහෙම නම් අනුරාධා මහවෙලගේ නමින් උප්පැන්නය ලියූ ලේඛනයේ දෙදෙනාගේ නම් එකළඟ ඇති නම වෙනස් කර ඇති. වර්තමානයේ අලුතින්ම ලිව්වත් ඔය කාලයේ තිබුන සහතිකයේ රතුපාටින් නම වෙනස්කර ඇති .ඒක ගත්තොත් සෙවීම පහසුයි කියලා කියන්න පුළුවන්

:       0       0

sampath Monday, 23 January 2023 08:58 PM

රජරට කැම්පස් එකට ගිහින් අහන්න තිබුනා නේ .අනික දැන් නම වෙනස් කරලත් ඇති .සමහර විට කොහොම උනත් ජනමාධ්‍යයේ අත් හල නොහැකි සමාජ වගකීමක් මේ වගේ දෙයකට උදවු කිරීම සහ සහෝදරිය සොයා දීමට උපකාර කිරීම

:       0       0

Bunny Preena Tuesday, 24 January 2023 10:29 AM

හද සසල කරන දෑසට කඳුළු උනන පුවතක්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site