IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිවිතිගල අධ්‍යාපන කාර්යාලය ඉවත් කරයි : නායයෑමේ අවදානමක්

නායයෑමේ අවදානමක් හේතුවෙන් නිවිතිගල කලාප අධ්‍යාපන කාර්යාලය වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට සබරගමු පළාත් අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව එම කාර්යාලයේ ලිපිගොනු, සහ කාර්යාල උපකරණ එතැනින් ඉවත්කර දෑල මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට ගෙන ඒමට පියවරගත් බව සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පැවසුවේ ය.

නිවිතිගල, කලවාන, කහවත්ත සහ අයගම යන අධ්‍යාපන කොට්ඨාසවල පාසල් 145ක ගුරුවරු 2850ක් සහ සිසු දරුදැරියන් 35000ක පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ මෙසේ ඉවත්කළ නිවිතිගල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා සුනීතා මැණිකේ මහත්මිය පැවසුවාය.

පසුගිය වැසි දිනවල මෙම කාර්යාලයේ ගෙබිම පුපුරා ගිය බවත්අලූතින් ඉදිකළ තාප්පයේද පැලූම් ඇතිවී ඒවා ඉක්මනින් ඈත්වන්නට වීම නිසා ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දී තිබු බවත් පසුව භූවිද්‍යා  හා පතල් කැනීම් කාර්යාංශය විසින් කළ පරීක්‍ෂාවකින් පසු එතැන නායයාමේ අවදානමක් ඇතැයි හඳුනාගෙන සේවකයින්ට ඉවත්වන ලෙස දැනුම්දී ඇතැයි කියති.



අදහස් (0)

නිවිතිගල අධ්‍යාපන කාර්යාලය ඉවත් කරයි : නායයෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site