IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාවික හමුදාව කෝටි 100 ක රට සල්ලි හොයයි

වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සපයන සමුද්‍ර ආරක්ෂක කණ්ඩායම් වෙත ආයුධ ලබා දිමෙන් සහ වෙළෙඳ නෞකාවලට අයත්  ආයුධ ගබඩා  කරදිමෙන් ගත වු  මාස හතරක දී ශ්‍රී ලංකා නාවික හමුදාව රුපියල් කෝටි 100 කට  අධික රට සල්ලි රජයට  උපයා දී  ඇති බව නාවික හමුදාව කියයි.

ඇවන්ගාඩ් සමාගම විසින් සිදු  කැරුණ සමුද්‍රිය ආරක්ෂක රාජකාරි ඉකුත් වසරේ නොවැම්බර් 13 වැනි දා ශ්‍රී  ලංකා නාවික හමුදාව වෙත පැවරීමෙන් අනතුරුව මෙම ආදායම් උපයා දී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි පැවසීය.

ගාල්ල වරායේ දී නැව් වාර 2689 කින් රුපියල් කෝටි 98 ක්ද කොළඹ වරායේ  දී නැව් වාර 105 ක දී  රුපියල් කෝටි තුනක් ද වශයෙන් මෙම ආදායම උපයා දී ඇති  බවද ඔහු කීවේය.

DSC_2521[1] DSC_3853[1] OBST1[1] OBST2[1] OBST3[1] OBST4[1]

 



අදහස් (0)

නාවික හමුදාව කෝටි 100 ක රට සල්ලි හොයයි

මොහාන් Thursday, 07 April 2016 10:05 AM

කෝ මේ යහපාලනයට බනින මහත්තුරු ? අදහස් දක්වන්නකෝ !(අ)

:       0       0

පුෂ්පකුමාර Thursday, 07 April 2016 10:07 AM

ඒ වුණාට අපේ රටේ සමහරක් අය තවමත් හිතන්නේ ඔය ආදායම අර කියන පෞද්ගලික සමාගමට ගියා නම් හොඳයි කියලනේ.(අ)

:       0       0

සේනක Thursday, 07 April 2016 10:21 AM

ජවිපේ අනුර කුමාර මහත්තයටත් අපේ උත්තමාචාරය (අ)

:       0       0

උපාලි Thursday, 07 April 2016 10:26 AM

අනේ අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ජාතික ආදායමට අහිමි වුන මුදල් කොච්චරක් ඇද්ද? කට්ටිය එකතුවෙලා බෙදා ගෙන තියෙන්නේ මොන තරම් ලජ්ජා නැති විදිහටද. (අ)

:       0       0

සිරිතිලක Thursday, 07 April 2016 10:30 AM

මේ ලැබෙන ආදායමත් ඇමති මණ්ඩලේ නඩත්තුවටම යනවා ඇති . (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 07 April 2016 10:31 AM

මේ රටේ ජනතාවට එන මේ සල්ලි පහුගිය ආණ්ඩුව කාලේ ගියේ ඉතින් හිතවත් අයගේ සමාගම් වලටනේ. (අ)

:       0       0

ආනන්ද ආර්. Thursday, 07 April 2016 05:16 PM

සැබෑ වෙනස දැන් පෙනෙනවා නේද? (නි)

:       0       0

රංජිත් Thursday, 07 April 2016 10:36 AM

අන්න දැක්කා නේද? (හේ)

:       0       0

අමල් Thursday, 07 April 2016 11:11 AM

කලින් ආණ්ඩුව කාලේ ඔය සල්ලි ගියේ කාගේ සාක්කුවටද ? (ම)

:       0       0

මුණසිංහ Thursday, 07 April 2016 11:51 AM

මේක අලුත් අමුතු දෙයක් නොවෙයි. කලින් හොයපු ගානට වඩා අඩුවෙලා. කලින් ගණන් මිමිත් ඉදිරිපත් කරන්න. (ස)

:       0       0

දුමින්ද Thursday, 07 April 2016 12:07 PM

දැන්වත් පොදු ජනතාවට සහනයක් ලැබේවිද (බ)

:       0       0

අතුල Thursday, 07 April 2016 12:19 PM

ඉදිරියේදී මෙහි ආදායම තවත් වැඩි වෙන්න ඕනේ.(හේ)

:       0       0

සුදන්ත Thursday, 07 April 2016 12:21 PM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ජානක Friday, 08 April 2016 04:56 AM

මිනිස්සු මේ රටට ණයයි කියලා හැමෝම කියනවා. එ්ත් එන ආදායම් වලින් කොච්චර ණයක් පියවනවද පියවල තියනවද කියල කවුරුවත් කියන්නේ නෑ. අපේ මිනිස්සුන්ට වැරදුණ තැනත් ඕකම තමයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site