(ඉන්දිකා රාමනායක)
2019 වසරේ සිදු වු පාස්තු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගත්තැයි චොදනා එල්ල වන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ ට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (27) පැවසීය.
නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා මාස 6 ඇතුළත එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණට ඉදිරිපත් කරන ලෙසට නඩු තීන්දුවේ සඳහන් වන බවත්, එම නඩු තීන්දුව අනුව එම ක්‍රියා මාර්ග සිදු වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ජන අරගලයට පහර දීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා විමර්ශනයක් සිදුකර, ඒ මහතා සම්බන්ධයෙන් විණ්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ සම්බන්ධ වාර්තා දෙකම නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
එම වාර්තා සම්බන්ධයෙන් නීතිපතිවරයා මේ දක්වා කිසිදු දැනුම් දීමක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා කීය
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නිලන්ත ගැන විනය පරීක්ෂණයක්
C.K.Lankaputhra Friday, 27 January 2023 07:14 PM
විනය පරීක්ෂණ කරන්නේ එයාව නිවැරැදි කාරයෙක් කරන්නද? එයා බරපතල ගණයේ වැරැදිකාරයෙක් වෙලා ඉවරයි. සමූල ඝාතනයකට අත් උදව් දුන්නු කෙනෙක්. එවැනි අය පොලිසියේ තවදුරටත් තියා ගන්න එක මහජන ආරක්ෂාවට බලවත් තර්ජනයක්...!
Kumara Saturday, 28 January 2023 12:00 AM
කවදා කාපු ටකරන්ද? පනින්න පනින්න තව ටිකක් උඩ...
Perera Saturday, 28 January 2023 03:28 AM
ඔබ කිව්ව විදිහට හවුල්වෙලා කොටින්ට සල්ලි දුන්නු අය පිළිබඳවත් එහෙම කරන්න.