
( රන්ජන් කටුගම්පොල)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඉදිරියට පැවැත්වෙන බව ඔහුගේ නීතිඥවරයා රීයෙ අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශවලට අනුකූලව ඒ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාජය හා සාමයික කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා මෙම දැනුම්දීම සිදු කලේ ය.
මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරුවන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීණි.
මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳූ අවස්ථාවේ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරමිෂා ටීකල් මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.
එම අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයට අනුව තම සේවා දායකයාට එරෙහිව මේ වන විට විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එය පැවැත්වෙමින් තිබෙන බවත් සඳහන් කළේය
ඒ අනුව පෙත්සන්කාර පාර්ශවයේ ඉල්ලා සිටින සහනය දැනටමත් ඔවුන්ට ලැබී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය .
කෙසේ වෙතත් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වර්ෂයේ පෙබරවාරි මස 27 වන දා කැඳවන ලෙස නියෝග කළේය .
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක්