IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාලක එදිරිසිංහත් අත්අඩංගුවේ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික නාලක එදිරිසිංහ මහතා අද(6) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ඊ.ටී.අයි තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 13.7 ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ස්වර්ණමහල් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල  සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඊයේ පොලිස්පතිවරයාට නියෝග කරන ලදී.

ඒ අනුව ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්  වන අසංක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ හා අංජලී දීපා එදිරිසිංහ යන සාමාජිකයින් ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .

එහෙත් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කළ නාලක එදිරිසිංහ මහතා ඊයේ දිනයේදී  අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බැවින් ඔහු අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.



අදහස් (2)

නාලක එදිරිසිංහත් අත්අඩංගුවේ

Aluthgama Wednesday, 06 January 2021 09:49 AM

අලුත්ම නාටකය EAP සිනමාහල්වල...

:       2       7

Kooralage Wednesday, 06 January 2021 10:21 AM

අසරණ මිනිස්සුන්ගේ මිලියන ගණන් මුදල් හොරාකාපු අයට හොඳ පාඩමක්... මේ කරන හොරකම් කොහෙන් හරි නවත්තන්න ඕනේ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site