රැකියාවක නිරත වෙමින් නිරූපණ ක්ෂේත්‍රය විනෝදාංශයක් ලෙස නියැළෙන ඇය ශෆීකා අලි වේ. ඇය දායක වූ කලා කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය.
"මේ දවස්වල වැඩිය වැඩකටයුතු සඳහා දායක වෙලා නැහැ. මොකද කාර්යාලයේ වැඩ සහ ක්ලාස් එකේ වැඩකටයුතුත් එක්ක. රංගනයට සහ නිරූපණයට යන ක්ෂේත්‍ර දෙකට දායක වෙනවා. දැනට මම මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙනවා. G-FORCE – ANSWERS කියන මියුසික් වීඩියෝවට, කොත්තු මී වෙළෙඳ දැන්වීමට, ටෙලිකොම් වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුණා. ඊට අමතරව ඡායාරූප නිරූපණය සඳහාද දායක වෙනවා. එහිදී ලිට්රෝ ගෑස් එකේ කැලැන්ඩරයටත් දායක වුණා. චිත්‍රපට සඳහා ආරාධනා හම්බ වුණා. නමුත් ඒ සඳහා දායක වෙන්න කාල වේලාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම රැකියාවක් කරන අතරතුර තමයි මේ නිරූපණය ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නේ. ඒදේ කරන්නෙ විනෝදාංශයක් වශයෙන්. ඉතිං මට හම්බවෙන නිදහස් වේලාවෙදී මේ සඳහා දායක වෙනවා. ඉදිරියේදී නිරූපණයෙන් ඉදිරියට යන්න අදහසක් තිබුණත් ඒ දේ තුළම රැඳී ඉන්න බලාපොරොත්තුවක් නැහැ."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිරූපණයත් රැකියාවත් සමබරව කරන 'ශෆීකා'