IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිරූපිකාවක් විදිහට රටට කිර්තියක් ගේනවා

 

20160426ShaniDulanji-1

මෝස්තර නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ශානි දුලාංජී මේ වනවිට වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා බොහොමයක් තුළින් අප හමුවට එයි. නිරූපණ ක්ෂේත්‍රය තුළ මෙන්ම කලා ක්ෂේත්‍රය තුළද දිගු ගමනක් යාමට අපේක්ෂා කරමින් සිටින දුලාංජී  'සාරවිට' අප සමගින් මෙලෙස සිය කලා කටයුතු පිළිබඳව අදහස් දැක්වුවෙමු.

ක්ෂේත්‍රයට ආවේ?

ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් වැඩි කාලයක් නැහැ. පුංචි කාලෙ ඉඳලා මගේ තිබුණ හීනයක් තමයි නිරූපිකාවක් වෙන එක. පාසල් අධ්‍යාපනය නිමාවත් සමග මම ක්ෂේත්‍රයට යොමු වුණා.

ඊට පස්සේ?

ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන රොසෑන් ඩයස් මහත්මියගේ ඇකඩමියට සම්බන්ධ වෙලා නිරූපණය පිළිබඳව හැදෑරීම් කළා. ඊට පස්සෙ තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට යොමු වුණේ.

කලා කටයුතුවලට ඔබේ දායකත්වය?

දැනට වෙළෙඳ දැන්වීම් වගේම ගීත රූප රචනා කිහිපයකටම දායක වෙලා ඉඳලා තියෙනවා. ගොඩක්ම කරලා තියෙන්නේ ෆෝටෝ ෂුට්වලට පෙනී සිටීම. ඊට අමතරව මෝස්තර නිරූපණ දැක්මන් බොහෝ ප්‍රමාණයක් සඳහා දැනට දායක වෙලා තියෙනවා.

මේ දිනවල?

මේ දිනවල 'මිස් ස්කූබා' ෆැජන්ට් එකට සහභාගී වෙලා ඉන්නවා. එම තරගයේ ඉදිරියට යන්න තමයි දැනට මගේ ලොකුම ඉලක්කය වෙලා තියෙන්නේ.

නිරූපිකාවක් වුණ එක ගැන?

ගොඩක් සතුටුයි. නිරූපිකාවක් විදිහට මට ලොකු ඉලක්ක තියෙනවා. දේශීය වගේම විදේශීය නිරූපණ දැක්මන් සඳහා සහභාගී වෙලා රටට කීර්තියක් අත්කර දෙන්න තමයි බලාපොරොත්තුව.  ඒ වගේම ලංකාවේ සුපිරි නිරූපිකාවක් වෙන්නත් ලොකු ආසාවක් තියෙනවා.

ක්ෂේත්‍රය තුළදී?

මේ ගමන එන්න ගොඩ දෙනෙක් මට උදව් කළා. ඒ හැමෝටම ස්තුති කරනවා. ගොඩාක්...

බුද්ධික සේනාධීර/ඡායාරූප රොමේෂ් ධනුෂ්ක

20160426ShaniDulanji-2 20160426ShaniDulanji-3 20160426ShaniDulanji-4 20160426ShaniDulanji-5



අදහස් (0)

නිරූපිකාවක් විදිහට රටට කිර්තියක් ගේනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site