IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය අනතුරේ

(විනීතා එම්. ගමගේ)

මහජන සෞඛ්‍යය  පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය අනතුරේ වැටෙන්නට ඉඩ ඇතැයි  නිරීක්ෂණ සංවිධාන  පෙන්වා දෙති.

ස්වයං නිරෝධායනය  වන පවුල් පිළිබඳ සියලු තොරතුරු දන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවත් ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ වර්ජනය හේතුවෙන් මෙම පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම පවා ප්‍රශ්නකාරී  වනු ඇතිිි බවත්  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය

නිරෝධායනය වන පවුල්වල සාමාජිකයන්ට ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය නොමැතිව එම කටයුතු සිදු කළ නොහැකි බවද ගජනායක මහතා කීය

ස්වයං නිරෝධායනය වන ඡන්ද ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු කරුණු ගැන සලකා බැලීම සඳහා මේ වන විට කමිටුවක් පත් කොට ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද එම කමිටුව නියෝජනය කරන බව හෙතෙම  සඳහන් කළේය.

එකී කමිටුවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙනුවෙන් තමන් සහභාගි වූ බැවින් මේ තත්ත්වය වඩාත් පැහැදිලි වූ බවද බවද ගජනායක මහතා කීය.

අදාල සියලු අංශ මැදිහත් වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කොට ඔවුන්ට යළි රාජකාරි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ යුතු යැයි ද ගජනායක මහතා කියා සිටියේය.

ඡායාරූපය - ගයාන් අමරසේකර (පුස්තකාල ඡායාරූපයකි)

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් විරෝධතාවක්...



අදහස් (2)

නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය අනතුරේ

LIYANAGE Saturday, 25 July 2020 12:18 PM

COVID -19 වෛරසයේ පළමු රැල්ල අවසාන වීමට පෙර දෙවන රැල්ල මේ වනවිට පටන්ගෙන ඇත. ලෝකයේ දියුණු රටවල PCR පරීක්ෂණ දහස් ගණනක් දිනපතා කරනු ලැබේ. අමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ යුරොපයේ සහ වෙනත් රටවල තරුණ ප්‍රජාවට COVID -19 පැතිරයාමේ විශාල වැඩිවීමක් දක්නට ඇත.

:       4       4

Rata Perata Saturday, 25 July 2020 12:38 PM

මෙය මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වියහැකියි.

:       14       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site