IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි

( සමන් පාලිත සහ ප්‍රසාද් රුක්මල් )

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ  අද (26)  අලුයම  ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී  පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 

පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ අලුයම උඩරට දුම්රිය මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටී ඇති බවත් , මේ වනවිටත් දුම්රිය සේවකයන් මාර්ගයට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත් කිරිමේ කටයුතු වල නිරතව සිටන  බවද එහි ප්‍රකාශයකු කීය .

නමුත් දැනට පවතින අධික වර්ෂාව නිසාවෙන් එම කටයුතු වලට බාධා සිදුව ඇත.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ  රාත්‍රි තැපැල් දුම්රිය මේ හේතුවෙන් දැනට නානුඔය දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) අලුයම   5.45ට ධාවනය වීමට නියමිතව තිබූ   උඩරට මැණිකේ දුම්රිය මෙතෙක් ගමන් ආරම්භ නොකල බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය .

දුම්රිය මාර්ගය ට.කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ගස්කොළන් ඉවත් කිරිමට තව පැය කීපයක් ගත වන බවත් , මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .



අදහස් (0)

‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site