IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නායකත්ව පුහුණුවේ දී සිසුවෙක් මරුට

ගන්නෝරුව යුද හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබමින්  සිටි  විශ්ව විද්‍යාල සිසුවෙක් මහනුවර රෝහලේ දී මියගියේය.

බඩේ ආසාදනයක් නිසා පසුගිය 28 වැනි දා රෝහල්ගත කළ ඔහු පසු දින ශල්‍යකර්මයකට ද ලක් කර ඇත. ළහිරු සඳරුවන් නැමති මෙම සිසුවා  යාපනය විශ්ව විද්‍යාලයට තේරි සිටියේය.



අදහස් (0)

නායකත්ව පුහුණුවේ දී සිසුවෙක් මරුට

සෑම් Sunday, 02 February 2014 02:02 AM

ඔබට නිවන් සුව! ලබන ආත්මයේදීවත් මෙවැනි විපතක් නොවීමට ලංකාව හැර වෙනත් රටක ඉපදීමට වාසනාව ලැබේවායි පතමි. (නි)

:       0       0

ජයේ Sunday, 02 February 2014 07:56 AM

පුතේ ඔබට නිවන් සැප. තේරෙන අය (කමිටු) මීට වඩා තේරුම් ඇතුව, සිහි කල්පනාවෙන් වැඩ කළා නම් හොඳයි නේද?(දිල්)

:       0       0

හිරු Sunday, 02 February 2014 09:21 AM

ළමයි කී දෙනෙක් මේ නායකත්ව පුහුණුව නිසා ජීවිතේ නිරපරාදේ අදුරු කර ගත්තද ?මේ ගැන කතා කරන්න කවුරුවත් නැහැ.(දිල්)

:       0       0

ශාන්ත හෝමාගම Sunday, 02 February 2014 10:06 AM

මොනතරම් මහන්සිවෙලා විශ්ව විද්‍යාලයේ ගියත් වැඩක් නෑ පුතේ .ඔබට නිවන් සුව ලැබේවා (දිල්)

:       0       0

නිශාන්ත Sunday, 02 February 2014 10:52 AM

නායකත්ව පුහුනුව කියන්නේ ගොඩාක් හොද වැඩක්. මමත් මේ කදවුරට තමයි මේ වසරේදී ගියේ. එකෙන් ලබා ගත්ත අත්දැකීම් ගොඩයි ජීවිතේට. ඒකට බනින හැමෝම මේ වැඩේ යන වෙලාවක කදවුරකට ගිහින් බලාගෙන ඉන්න. මොනවා උනත් ඔබට නිවන් සුව සහෝදරයා.(නදී)

:       0       0

රෝයි Sunday, 02 February 2014 10:57 AM

විවිද ශාරීරික අපහසුතා ඇති අය විශ්ව විද්‍යාල වලට තේරී සිටිනවා. ඔවුන්ගේ සෞඛය ගැන නොසිතා මේ කරන නාඩගම් නායකත්ව පුහුණුව දිය යුත්තේ මේ යෝජනා ගෙනාපු ඇමතිගේ සිට ඒ හා සම්බන්ද නිලදාරින්ටයි.(නදී)

:       0       0

හිරු Sunday, 02 February 2014 11:14 AM

මීට කලින් පාර අපේ විශ්ව විද්‍යාලයට ගෑනු ලමයෙක් ආවා කොන්ද කඩාගෙන. තව පාරක් සර්පයෙක් කාලා ලමයෙක් මලා. දැන් බඩේ අමාරුවක් නිසා තව ජීවිතයක් ඉවරයි. තවත් පැත්තකින් උසස් අධ්‍යාපනය සමිබන්ධ බලධාරීන් අද ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ මිනීවල කපමින් ඉන්නවා. ඒවාට විරුද්ධ වෙන ලමයි පන්ති තහනම් කරලා ගෙදර යනවා. පසුගිය කාලේ දේශපාලකයින්ගේ ලමයි කරපුවා මාධ්‍ය මගින් හෙලිදරව් වුනා. බීමතින් ගුවන් යානයක දොර විවෘත කරන්න තැත් කිරීම, හමුදා නිලධාරීන්ට හෝටලයකදී පහර දීම. රග්බි පුහුණු කරුට පහරදීම. ආරුගම්බේදී ඇතිවුණු සිද්ධිය ආදී සිදුවීම් තාමත් අප‍ටනම් මතකයි.(නදී)

:       0       0

ගුණවර්ධන Sunday, 02 February 2014 11:29 AM

එකක් දෙකක් වුනහම හැම දේ ගැනම වැරදියට හිතන්න එපා. ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ලෙඩ හැදෙන්නේ නැද්ද?  දොස්තරලට ලෙඩ හැදෙන්නේ නැද්ද, නායකත්ව පුහුණුවේ කරපු දෙයක් නිසා මැරුනා නම් බනින්න. උඩින් පල්ලෙන් හිතල අදහස් දක්වන්න එපා.(නදී)

:       0       0

සෙනවි Sunday, 02 February 2014 11:48 AM

දැන්වත් ඔය බම්බු පුහුණුව නවත්වන්න බැරිද ? (නදී)

:       0       0

සත්‍යා Sunday, 02 February 2014 02:09 PM

නුගත් පාලකයෝ උගතුන් බිහි වනවාට බයයි. සියල්ල තමන්ගේ පාලනයට ගන්ඩ ඕන දෙයක් කරනවා.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 02 February 2014 02:16 PM

මේ මෝඩ අදහස් නිසා අකාලයේ පරවෙන මල් වෙනුවෙන් ශෝක සුසුම් හෙලීමෙන් හෝ තනි තනිව නිවන් සුව පැතීමෙනුත් වැඩක් නැති නිසා අපි සියලු දෙනාම එකතුවී මේ වැඩේ ට මුල පිරු මිනිසාට සදා කාලික නිවන් පතමු.(නදී)

:       0       0

රස්පී Saturday, 01 February 2014 08:07 PM

ජීවිත කියක් නැති වෙලා තියෙනවද මේ වැඩ නිසා?(දිල්)

:       0       0

ලංකා Saturday, 01 February 2014 08:46 PM

ළමයි මහන්සි වෙලා රෑ නිදි මරාගෙන පාඩම් කළේ අකාලයේ මැරෙන්න නෙමෙයි. මේ දරුවාගේ ජීවිතයට, ඒ ළමයගේ දෙමව්පියෝ දුටු හීනයට කවුද දැන් වගකියන්නේ? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 01 February 2014 08:59 PM

මොනවාහරි වෙලා ලංකාවේ අයගේ ජිවිත නැතිවෙනවා. කොහොම හරි අම්මා කෙනෙකුට දරුවෙක් නැතිවුණා. (නි)

:       0       0

වෙනුර Saturday, 01 February 2014 09:03 PM

මේ වැඩපිළිවෙල දැන්වත් නැවැත්විය යුතුයි නේද? (නි)

:       0       0

ආරියසේන Saturday, 01 February 2014 09:08 PM

නායකත්ව පුහුණුවේදී නිධන්ගත රෝග එළියට එනවා ඇති. අපරාදේ තරුණ ජීවිතයක්.නැවත ඉපදෙන හැමවාරයේම අකල් මරණයකට ගොදුරු නොවේවා! ඔබට නිවන් සුව. (නි)

:       0       0

රෙක්ස් Saturday, 01 February 2014 09:12 PM

කෙසේ හෝ මෙය මෙලෙස සිදුවූ අවසාන මරණය වේවා! (නි)

:       0       0

උදේනි Sunday, 02 February 2014 08:44 PM

මේ නැති වුණේ අපි එක්ක එකට නායකත්ව පුහුණුව ලබපු අපේ යාලුවෙක්. මාගේ මිතුරාට නිවන් සුව.(දිල්)

:       0       0

ජෝයි ඩයස් Sunday, 02 February 2014 12:06 AM

එතකොට බඩේ අසාදනයක් නිසාද ඔහු මියගියේ? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 02 February 2014 12:37 AM

ශ්‍රී ලංකාවේ සිසුන්ට හරි අපල කාලයක්!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site