IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් සහ න්‍යෂ්ටික අවි නැවත කිසි දිනෙක භාවිතා නොකළ යුතු බවට සාක්ෂිකරුවන් හරහා ඔප්පු කිරීමට දරන උත්සාහය වෙනුවෙන් නිහෝන් හිඩැන්කියෝ සංවිධානයට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවේය.

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයන් දිවි ගලවා ගත්තන් විසින් මෙම සංවිධානය පිහිටුවාගෙන ඇත. ජපානයේ ප්‍රදේශ 47 ක සංවිධානයේ ශාඛා තිබේ.

ඔස්ලෝහි පිහිටි නෝර්වේජියානු නොබෙල් ආයතනය මෙවර නොබෙල් සාම ත්‍යාගය නිහෝන් හිඩැන්කියෝට හිමිවන බව අද (11) ප්‍රකාශ කළේය. මෙම වසරේ සාම ත්‍යාගය නිහෝන් හිඩැන්කියෝට පිරිනැමීම තුළින් හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් සියල්ලන්ටම ගෞරව කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුන්ගේ කටුක අත්දැකීම් බලාපොරොත්තුවක් ඇති කිරීමට යොදා ගැනීමත් සාමය වෙනුවෙන් යොදා ගැනීමත් ප්‍රශංසනීය බවත් නෝර්වෙජියානු නොබෙල් කමිටුවේ සභාපති ජෝගෙන් වොට්නේ ෆ්‍රිඩ්නස් පැවැසුවේය.

මෙවර සාම ත්‍යාගය සඳහා අපේක්ෂකයන් 286 ක් තරග වැදි අතර ඉන් 197 පුද්ගලයන් වූ අතර 89 ක් සංවිධාන විය. මෙවර සාම ත්‍යාගයේ හිමිකරුට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලක් හිමිවීමට නියමිතය.



අදහස් (0)

නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site