IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නීති කඩන වාහන වෙළෙඳුන්ට එරෙහිව ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය තදින් සිටියි

auto

 

වගකීම් සහතිකයේ ඇති කොන්දේසි උල්ලංඝනය කරන මෝටර් රථ අලෙවි සමාගම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය වගකීමේ සහතිකය වලංගු වන කාලසීමාව තුළදී අදාළ වාහනයේ අළුත්වැඩියා කටයුතු නොමිලේ සිදුකර යුතු බවට ප්‍රධාන පෙළේ මෝටර් රථ අලෙවි සමාගමකට නියෝග කර ඇත. වගකීමේ සහතිකයේ වලංගු කාලසීමාව තුළදී වාහනය අළුත්වැඩියා කිරීමට එම සමාගම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශය ඉහත පියවර ගෙන ඇත.


වැරැදි කරන වාහන අලෙවි සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය. වාහන අලෙවි සමාගම විසින් තම වාහනය අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කරන බවට වාහන හිමියකුගෙන් ලැබුණු පැමිණිල්ලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත. වාහනයේ ගියර පෙට්ටිය සම්බන්ධයෙන් ඉහත ආරවුල පැන නැගී ඇත.


අදාළ සමාගම වාහන අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ වාහනයේ හිමිකරු වගකීමේ සහතිකයේ කොන්දේසි උල්ලංඝනය කර ඇති නිසා වගකීමේ සහතිකයට ගියර පෙට්ටිය ඇතුළත් නොවන බව පවසමිනි. වාහනයේ හිමිකරු විසින් වෙනත් වර්ගයක ගියර තෙල් දමා ඇති බවත් එම තෙල් වර්ගය නිෂ්පාදකයාගේ තාක්ෂණික අවශ්‍යතාවලට අනුකූල නොවන බවත් සමාගම පවසා ඇත.


මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇති පරිභෝගික ආරක්ෂණ සහ වාණිජ වංචා මර්දන දෙපාර්තමේන්තුවේ පරීක්ෂකයන් වාහනයේ හිමිකරුවා තාක්ෂණික අවශ්‍යතාවයන් උල්ලංඝනය කර නොමැති බව අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව වාහන අලෙවි සමාගම විසින් 2008 අංක 8 දරන පාරිභෝගික ආරක්ෂණ නීතියේ 9 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බව එම විමර්ශනයේදී තීරණය කර තිබේ.


වෙළෙන්දන් සහ සැපයුම්කරුවන් පාරිභෝගිකයන් වෙත ලබාදෙනු ලබන වගකීම් සහතිකයේ කොන්දේසි පිළිපැදිය යුතු බව එම නීතියේ සඳහන් වෙයි. 


වෙළෙන්දන් සහ සැපයුම්කරුවන් විසින් සිදුකරනු ලබන ඕනෑම උල්ලංඝනය කිරීමක් 16001 දරන හදිසි ඇමැතුම් අංකය, [email protected] ඊමේල් ලිපිනය, Twitter: @MEC_Qatar ට්විටර් ගිණුම, MEC_Qatar ඉන්ස්ටග්‍රෑම් ගිණුම සහ අමාත්‍යාංශයේ ඇන්රොයිඞ් හො IOS: MEC_Qatar දරන මොබයිල් ඇප්ලිකේෂනය හරහා පාරිභෝගික ආරක්ෂණ සහ වාණිජ වංචා මර්දන දෙපාර්තමේන්තුවට දැනුම්දෙන ලෙසට අමාත්‍යාංශය සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

නීති කඩන වාහන වෙළෙඳුන්ට එරෙහිව ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය තදින් සිටියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site