IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නෙතුට කිරි හොඳයිලු!

2016-04-01-ent-07

 

සමහර නවක නිළියන් ප‍්‍රවීණයන්ට තියා, මාධ්‍ය වෙතවත් ගරු කරන්නේ නැති, ඔළු උදුම්මවාගත් අය කියලයි සමහරු කියන්නේ. නමුත් ඒ වගේ ඔළු උදුම්මාගත් නවක නිළියක් නොවූ නව පරපුරේ ශිල්පිණියක ලෙස "නෙතු ප‍්‍රියංගිකා" නම් කළ හැකිය. කලාව වෙතින් සමාජයට ලබා දිය යුතු නිහතමානීකම වගේම ගෞරව කරමින් කලා ක්ෂේත‍්‍රයේ ගමනක නිරත වන ”නෙතු” විමංසා එන කල් මග බලාගෙනලූ ඉන්නෙ? කවුද විමංසා?

 

2016-04-01-ent-06”නෙතු” මොකද මේ ඔබට ”කිරි හොඳයි” කියලා කියන්නේ?

මේ දිනවල මම දායක වෙච්ච දැන්වීමක් නිසයි. ඒ දැන්වීමට අදාළ දෙබස නිසා තමයි එහෙම කියන්නේ.

 

එතකොට මාධ්‍යවේදිනියක් වෙන්න උත්සාහ ගන්නවා කියන්නේ?

නාලක තලගල අයියා අධ්‍යක්ෂණය කළ අලූත්ම නාට්‍යය නිර්මාණයෙහි මට මාධ්‍යවේදිනියකගේ චරිතයක් ලැබුණා. ඒ නිසා සැබෑ ජීවිතයේදී නැතත්, රංගනයේ දී මට ඒ වාසනාව ලැබීම සතුටට කරුණක්.

 

විමංසා, කවුද? ඇය එනතුරු ඇයි මග බලාගෙන ඉන්නේ?

"කණිෂ්ක බණ්ඩාර” නිර්මාණය කළ ටෙලි නාට්‍ය නිර්මාණයක්. මම විශ්වාස කරන්නේ, මේ චරිතය එනම් එහි රඟපෑ චරිතය මගේ ජීවිතයේ මෙතෙක් මට ලැබුණු හොඳම චරිතයයි. මේ නාට්‍ය විකාශනය වන තෙක් මට ඉස්පාසුවක් නැහැ. මම ආසාවෙන්ම රඟපෑ චරිතයක්.

 

ජීවිතයෙ අනෙක් කටයුතු කොහොමද?

විවාහයට සූදානම් විය යුතු කාලය එළැඹෙමින් පවතින බව දැන් මට දැනෙනවා. එළැඹෙන වසර දෙක ඇතුළත දී ජීවිතයේ ලොකු වෙනසක් වේවි.

 

බොහෝ නවක නිළියන් හරිම කාර්යබහුලයි නේද? ඔබත් එහෙමද? මොකද ඔච්චර කාර්යබහුල?

මම අනෙක් අය ගැන කියන්න දන්නෙ නැහැ. වාසනාවට මට පසුගිය කාලයේදී එක දිගට රංගන කටයුතු සහ වෙළෙඳ දැන්වීම් මෙන්ම මියුසික් වීඩියෝ සඳහාත් ආරාධනා ලැබුණා. ඒ වගේම නිරූපණ ක්ෂේත‍්‍රයේ වැඩ සඳහාත් කාර්යබහුල වුණා.

 

එහෙම නැතුව දැන් එන සමහර අලූත් නිළියන්ට හැදෙන ”හරි ගණං” රෝගය නිසා නොවෙයිද? ඇයි නවක නිළියන් ඔළු උදුම්මාගෙන කටයුතු කරන්නේ.

මාත් ඔය කතාව අහලා තියෙනවා. මාත් අලූත් පරපුරේ කෙනෙක් තමයි. නමුත් කෙටි කාලයක දී අවස්ථා බොහොමයක් ලැබුණා යැයි කියා මම එහෙම වුණේ නැහැ. ඉදිරියට වෙන්නෙත් නැහැ. කොහෙන් හෝ චරිතයක් ලැබී, ඒ නිසා මිනිස්සු එය පිළිගත්තාම, ඒක ආභරණයක් කර ගන්නෙ තියෙන මෝඩකමටයි. එක්කෝ වැඩ-වැඩ කියලා බොරු සෝබන කතා කියාවි. මේ විදියට හැමෝම කරන්නෙ නැහැ. ඉතා සුළු පිරිසක් එහෙම කරන්නේ. නමුත් ඒ නිසා හොඳට-නිහතමානීව කයටුතු කරන අයටත් එය අපහාසයක් වෙනවා. ජනප‍්‍රිය වීම එක්ක උඩඟු වීම තරම් මෝඩකමක් නම් තවත් නැහැ. ඒ අයගෙ පැවැත්ම තාවකාලිකයි.

 

ඇයි එවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්න ඇත්තෙ? ක්ෂේත‍්‍රයට ඒ වගේ අය ගෙනැල්ලා දාන අය නිසා නේද එහෙම වෙන්නෙ?

ඒකට මම එකඟ නැහැ. කලාවට ඒමට පෙර පිනක් තියෙන්න ඕනෑ. ඒ විදියට කවුරුහරි එතැනට පාර හදලා දුන්නාම, ඊට ගරු කරන්න ඕනෑ. සමහර වෙලාවට අද ගුණාත්මක කියන නිර්මාණ බිහිවන්නෙත් බොහොම අඩු ප‍්‍රමාණයක්. වැඩි හරියක්ම අද බලලා හෙට මතක නැති දේ වැඩි හරියක් නිර්මාණය වීම නිසාත් මේ වගේ දේ සිදුවනවා ඇති. කොතැනක හෝ වැරැද්දක් වෙලා තියෙනවා. ඒත් ඒ තැන කොතැනද දන්නෙ නැහැ. පිටරට නිර්මාණත් අපේ අය අද හරියට වැලඳගෙන. කොයි හැටි වෙතත් අපි අපේ කාර්යබාරය තේරුම් ගන්න ඕනෑ.

 

ක්ෂේත‍්‍රයේ පැවැත්ම උදෙසා මොන වගේ දේ කළ යුතුයි කියල ද හිතන්නෙ?

අපි මොන දේ කළත්, මම නම්, සෑම වැඩකින්ම අලූත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ ගන්නවා. මම සියයට සියයක්ම නිවැරදිව කළා කියලා කිසිම විටෙක හිතන්නේ නැහැ. හැබැයි අඩු තක්සේරුවෙන් හිතන්නෙත් නැහැ. මගේ අරමුණ තව වසර දහයකින් ලංකාවේ දක්ෂතම හොඳම නිළිය වීමටයි. ඒ යන ගමනේ දී වැටීම් තියේවි, නැගිටීම් තියේවි. මඩ වගේම ඕපාදූප හැම දෙයක්ම සිද්ධ වේවි. ඒත් මම ඒ සියල්ල වෙතින් පන්නරයක් ලබාවි. රංගනයෙන් යා හැකි උපරිම තැනට අත්දැකීම් ලබාගෙන ළඟාවීම මගේ ප‍්‍රතිපත්තියයි.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

sandalla


2016-04-01-ent-08
2016-04-01-ent-09
2016-04-01-ent-10
2016-04-01-ent-11

 



අදහස් (0)

නෙතුට කිරි හොඳයිලු!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site