
(රෝෂන් තුෂාර)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භාණ්ඩ භාරකාර ගයාන් සම්පත් සැකකරුගේ දුරකථන විස්තර වාර්තා සහ බැංකු විස්තර වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (15)නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර ගයාන් සම්පත් බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුගේ බැංකු ගිණුම් විස්තර සහ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබා දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ලිඛිත දේශන ගොනු කළේය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ බැංකු ගිණුම් විස්තර වාර්තා සහ දුරකථන වාර්තා කැඳවීමට අකොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන් අතර ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ලබන 29 දින ගොනුකරන ලෙස පොලිසියට නියෝග කරමින් සැරකරු එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රවීන් මධුරංග මහතා පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා පෙනී සිටියේය
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි