IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නඩු කාමරයෙන් කෝටි 24 කුඩු පන්නලා

(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත.

මහාධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසා රහස් පොලිසස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බව හෙළි වීම නිසා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට අද නියම කළේය.

රහස් පොලිසියෙන් යැයි පවසමින් අදළ හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන ‘තරිඳු යෝෂිත’ නමැත්තා කවුද? යන්න හෙළි කර ගැනීම සඳහා වහාම විමර්ශනයක් කිරීමටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිස් අධක්‍ෂවරයාට නියම කළේය.

කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන හෙරොයින් නඩුවක නඩු භාන්ඩ වශයෙන් ලකුණු කර ඇති මෙම හෙරොයින් කිලෝ 12 මහාධිකරණයට යැවීම සඳහා සොයන විට රහස් පොලිසියේ ‘තරිඳු යෝෂිත’ නමැති නිලධාරියා වශයෙන් පෙනී සිටි පුද්ගලයකු රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසමින් අදාළ හෙරොයින් තොගය ගෙන ගොස් ඇති බව හෙළි වීමෙන් අනතුරුව මේ පිළිබඳ විමර්ශන කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට වැඩිදුරටත් නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාන්ඩ බාරකරු ඇතු`ථ නඩු භාන්ඩ කාමරයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ වින විට විමසීම් කර ඇතැයිද වාර්තාවේ.

 



අදහස් (4)

නඩු කාමරයෙන් කෝටි 24 කුඩු පන්නලා

fairoos Thursday, 29 August 2024 11:55 AM

නිකන් ගොන් ආතල් දෙන්න එපා . ඔතන ඉන්න සෙට් එකම එකතුවෙලා වද දීලා ඇති අනිවාර්යයෙන්ම

:       0       19

jayantha Thursday, 29 August 2024 12:38 PM

තරිඳු යෝෂිත රාජපක්ෂ වෙන්න බැරිද ?

:       6       14

මංජුල Thursday, 29 August 2024 01:41 PM

නඩුවක් අවසානයේ නිවැරදිකරැ වුවද නැවත භාර දිය නොහැකි මෙවැනි දෑ ඉක්මනින්ම විනාශ කිරීමට නීති සම්පාදනය විය යුතුය

:       0       18

Prabha Thursday, 29 August 2024 01:46 PM

පැමිණි වාහනේ අංකය ,රාජකාරි හැඳුනුම්පත භාරගත් බවට සාක්ෂි නැතුව කුඩු කිලෝ 12 භාර දෙනවද

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site