(නිමන්ති රණසිංහ)
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් පොලිස් කොස්තාපල්වරයකු සමග විකුණූ බව කියන එම අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
මෙම සිද්ධියට අදාළව ගොතටුව පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා හමුවට ඉකුත් 22 වැනිදා ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම කරුණු ඉදිරිපත් කළේය.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 48 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 12 ක් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සැකකරුවෙකු ඉකුත් 21 වැනි දා අත්අඩංගුවට ගත් බවත්, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහුට එම මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ ගොතටුව පොලිසියේ පොලිස් කොස්තාපල් වරයෙකු බවට කරුණු අනාවරණය වූ බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එම සැකකරු මාර්ගයෙන් දුරකථන ඇමතුමක් දී තවත් හෙරොයින් මිලදී ගැනීමට යැයි පවසා පොලිස් කොස්තාපල්වරයා ගොතටුව ප්‍රදේශයේ උද්‍යානයක් අසලට ගෙන්නූ බවත් එහිදී ත්‍රිරෝද රථයක සිවිල් ඇඳුමෙන් පැමිණි සැකකාර පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එම පොලිස් කොස්තාපල්වරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදි ඔහුට මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ භාරකරු විසින් බවට කරුණු අනාවරණය කරනු ලැබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නඩු භාණ්ඩ බාරකරු කොස්තාපල් එක්ක කුඩු ජාවාරමක
Ananda Monday, 25 April 2022 01:52 PM
ඔතන ඉන්න කෙනෙකුට නේද නීතීඥතුමන්ලා කිහිප දෙනෙක් පෙත්සම් ගොනුකළේ පහුගිය දවසක.