නොටින්හැම් ශාන්ති විහාරයේ දහම් පාසලේ සිසුන්ගේ දක්ෂතා එළිදැක්වුණ වැඩසටහනක් පසුගියදින පැවැත්විණි.
විහාරාධිපති තෙල්දෙණියේ අමිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කළ එම වැඩසටහනේදී දහම් පාසලේ වයස අවුරුදු පහේ සිට පහළොව දක්වා වූ දු දරුවෝ ධර්ම කතා, සංස්කෘතික අංග, නාට්‍ය සහ භක්ති ගීත ගායනා රැසක්ම ඉදිරිපත් කළහ.
මාපිය වන්දනා නමින් දෙමාපියන්ගේ ගුණ වටහාදෙමින් ඔවුන්හට තම ගෞරවය ඇති කරගැනීමේ අගය පහදා දීම අංගයක්ද එදින වැඩසටහනට ඇතුලත්විය.
දහම්පාසලේ ආචාරිනී දනුෂ්ක පුංචිහේවා සහ සියලුම දෙමාපියන්ගේ සහයෙන් සති කිහිපයකදී පුරුදු පුහුණු කළ වැඩසටහන පැමිණ සිටි කාගේත් ප්‍රසංශාවට ලක්විය.
නොටින්හැම් නගරසභා මන්ත්‍රීනි ලැන්ෆර්ඩ් ඇතුළු විශාල පිරිසක් උත්සවයට සහභාගි වුහ.
ශාන්ති විහාරස්ථානය ආරම්භ කර මාස දහයක් වැනි කෙටි කාලයකදී මෙවැනි වැඩසටහන සංවිධානයකිරීමට තරම් හැකියාවක් වන අන්දමට විහාරස්ථානයේ සහ දහම්පාසලේ වැඩකටයුතු මේ අන්දමින් දියුණු තත්වයකට ගෙනඒම සඳහා උදව් උපකාර කල විහාරස්ථානයේ දායක කාරකාදීන් ඇතුළු සියලුම සියලුම දෙනාට ස්තුතිවන්ත වනබව අනුසාශනාව පවත්වමින් විහාරාධිපති අමිත හිමියෝ පැවසුහ.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොටින්හැම් දහම්පාසල් දරුවෝ දස්කම් පෙන්වති
අගලකඩ සිරිසුමන හිමි Tuesday, 21 April 2015 05:56 PM
ආචාරිනී ධනුෂ්කා මගේ සිසු දියණියක් වීම මට ලොකු සතුටක්. (ස)