
(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරයේ නාගරික මහල් නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට තීරණය කිරීමට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එහි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සභාපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ නිවාස ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද කාලිංග මාවත - කොලොම්තොට සරසවි උයන, බොරැල්ල සිරිසර උයන හා මෙත්සර උයන, දෙමටගොඩ මිහිදු සෙන්පුර හා සියපත් සෙවණ, මාලිගාවත්ත ලක්හිරු සෙවණ, සියසෙත සෙවණ හා ලක්සෙත සෙවණ, බ්ලූමැන්ඩල් සිරිමුතු උයන හා සිරිසද උයන, හේනමුල්ල රන්මිතු සෙවණ, හෙළමුතු සෙවණ, සත්හිරු සෙවණ, රන්දිය උයන, මෙත්සද සෙවණ හා මිහිජය සෙවණ, ෆර්ගියුෂන් පාර මුවදොර උයන, ඔරුගොඩවත්ත පුරදොර සෙවණ, කොලොන්නාව සංහිද සෙවණ හා ලක්සද සෙවණ යන නිවාස ව්‍යාපෘති සභාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
2025 දෙසැම්බර් මස 30
25
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නගර නිවාස වල පහසුකම් වැඩි කරයි