IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ධීවර අමාත්‍යාංශයෙන් රජයට කෝටි 22 ක පාඩුවක්

(ජේ.ඉඳුරුවගේ) 

දේශීය අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ලද  වරාය ව්‍යාපෘති හතරක  ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුට අදාල මුදල්   ගෙවීම ප්‍රමාද කිරීම නිසා ඔවුනට   ප්‍රමාද පොලී ගෙවීම හේතුවෙන්  ධීවර අමාත්‍යාංශය විසින් රජයට  රුපියල් 226 ,324 ,249 ක මූල්‍ය අලාභයක් සිදුකර  ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.‍

ඉකුත් වසරේ දෙසැම්බර් 31 දින වන විට එලෙස  මෙම මුදල් ගෙවීමට සිදුවී ඇති බව විගණන කාර්යාලය මගින් ධීවර අමාත්‍යාංශයට අදාලව නිකුත් කළ විගණන වාර්තාවක සඳහන්වේ.

භාණ්ඩාගාරය විසින් නියමිත පරිදි අක් මුදල් ලබා නොදීම නිසා කොන්ත්‍රාත්කරුවන්ට අදාල මුදල්  ගෙවීම ප්‍රමාදවූ බව ධීවර අමාත්‍යාංශයේ ප්‍රධාන   ගණන් දීමේ නිලධාරියා මේ සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු ලබාදී තිබේ.

ප්‍රමාද පොලී ගෙවීමක් නොවන පරිදි ව්‍යාපෘති ආරම්භ කිරීම සහ ගෙවීම් සැලසුම් කළ යුතු බව විගණනයෙන් ධීවර අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබාදී ඇත.

 

 



අදහස් (1)

ධීවර අමාත්‍යාංශයෙන් රජයට කෝටි 22 ක පාඩුවක්

Ashen Sena Tuesday, 29 October 2024 10:44 AM

අපි නන් සල්ලි නොදී මාළු කෑවේ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site