අනීෂා මානගේ
ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු කරගෙන යෑමට රජයෙන් ඊයේ(24) අවසර ලබාදීමෙන් පසුව තංගල්ල සහ කුඩාවැල්ල ධීවර වරායවල ධීවරයන් අද දින සිය දෛනික කටයුතු ආරම්භ කර ඇති ආකාරය දක්නට හැකිවිය.
පසුගිය 20 වැනිදා ඇඳිරි නීතිය මුළු දිවයිනටම බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමෙන් පසුව ධීවරයෝ සිය රාජකාරීවලින් ඉවත්ව සිටියහ.
පසුව ඊයේ(24) රජය මගින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට ඉඩකඩ ලබා දුන්නේය.
ධීවර වරායන්වලට මසුන් රැගෙන පැමිණි බහුදින සහ එක්දින ධිවර යාත්‍රාවලින් මාළු බෑම සහ වරාය තුළදී මාළු අලෙවි කිරීම, ග්‍රාමීය ප්‍රදේශවලට අලෙවි කිරීම සඳහා මාළු ප්‍රවාහනයට මෙමගින් අවසරය හිමිව ඇත.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ධීවරයෝ සුපුරුදු රාජකාරීවල