IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


‘ද ෆිනෑන්ස් සමාගම යළි සක්‍රීය කරන්න පියවර ගන්නවා ’

(රංජන් කස්තුරි)
 
මේ වනවිට ගනුදෙනු නතර කර තිබෙන සී/ස ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා එය යළි සක්‍රීය තත්වයට පත්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
 
සී/ස ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්, සේවක සංගම් නියෝජිතයන් සහ තැන්පත්කරුවන් පිරිසක් සමඟ ඉකුත් දා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කළේය.
 
සී/ස ද ෆිනෑන්ස් සමාගම යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය සැලසුම් මේ මාසයේ 30 වැනි දිනට පෙර ඉදිරිපත් කරන බවද එහිදී කබ්රාල් මහතා කීය.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට සී/ස ද ෆිනෑන්ස් සමාගමට වාරණයක් පනවා තිබෙන අතර තැන්පත් බාරගැනීම හා තැන්පත් මුදල් ආපසු ගෙවීම එමගින් නතර කර තිබේ.

දිවයින පුරා ලක්ෂ 6ක පමණ තැන්පත්කරුවන් පිරිසක් සී/ ස ද ෆිනෑන්ස් සමාගමේ රුපියල් කෝටි 4ක පමණ මුදලක් තැන්පත් කර ඇත.



අදහස් (33)

‘ද ෆිනෑන්ස් සමාගම යළි සක්‍රීය කරන්න පියවර ගන්නවා ’

Naushad Monday, 27 January 2020 01:42 PM

ඔක්කොම එකතුවෙලා මහබැංකුව භාගෙට අක්‍රීය කරලා ඉවරයි. ෆිනෑන්ස් සමාගම යළි සක්‍රීය කරන්න පියවර ගන්නවා නොදකින්...

:       123       899

BamunuarachchiMonday, 27 January 2020 02:48 PM

සී/ස ද ෆිනෑන්ස් සමාගමට ගේම දුන්නාසේම මහබැංකුවටත් ගේම දුන්නේ මේ සෙට් එකයි. ඩොලර් මිලියන එකොළොස් දහසක් පාඩු කලේ මෙයා මුල් වෙලා. දැන් අගමැතිගේ ජේෂ්ඨ උපදේශක. මේ මිනිස්සුන්ගේ උපදෙස් ගත්තාම රටට වෙන දේ අගමැති දන්නේ නැතිද?

:       118       1119

MaheeMonday, 27 January 2020 04:11 PM

අදහාගන්නත් බෑ, මේ ඒ බමුණුමද අප්පේ? පළමුවැනි වතාවට ඉතාම සතුටින් මම බමුණුගේ කමෙන්ට් එකට ලයික් දානවා.

:       0       2

piyadasa ranasingha Monday, 27 January 2020 01:44 PM

එක සැරයක් සක්‍රීයව කරලා අපි දැක්කා... කෙරුවාව මේ පාරත් එ්කටමයි මේ සූදානම... ලැජ්ජා නහරයක් ඇත්තේම නැද්ද දෙයියනේ...

:       2       469

රවින් Monday, 27 January 2020 01:55 PM

කිඹුල් කඳුළු. කොකා බකතපස් රකිනවා වගේ. ඇත්ත තිත්තයි...

:       96       173

Buddika Monday, 27 January 2020 01:58 PM

මේ ඔය සක්‍රීය කරන්නේ ඔහේගේ සහෝදරියක් එතනට දාලද? නැතිනම් ඔහේම ගිහිල්ලද? මූල්‍ය විනයක් නොතිබ්බ ආයතනයක මූල්‍ය විනය හදන්න ඕනේඔහෙලා වගේ මිනිස්සු නොවේ.

:       119       293

Don Monday, 27 January 2020 02:14 PM

මේ බංකොලොත් ෆිනෑන්ස් සමාගම් තවත් බංකොලොත්කාරයෙක් විසින් ගොඩදාන්න හදන්නේ එයාට ඇති වාසියට...

:       0       231

සමන්ත Monday, 27 January 2020 02:14 PM

අර 2005 සිට 2015 දක්වා බැඳුම්කර වංචාවෙන් හොයාගත්ත සල්ලිත් ඇතිනේ නේද? පට්ට හොරු, ගැලවුම්කාරයෝ වගේ එනකොට අපේ ඇඟේ මාළු නටනවා ඕයි.

:       0       482

sapumal Monday, 27 January 2020 02:26 PM

ආ මේ හෙජින් මහත්තයනේ.., ඔයාට පුළුවන් හොඳට තියෙන ආයතන ඉවර කරලා දාන්නා මිසක් කඩා වැටුණු ආයතන යලි නගාසිටුවන්න නෙමෙයිනේ.., මේකත් රටක්ද මිත්‍රවරුනි, මේ වගේ අපතයින් යහතින් වැජඹෙන...

:       0       415

විජිත්Monday, 27 January 2020 07:11 PM

සපුමල් මල්ලි, ඔබ හරියටම හරි. මේ වගේ අය ඉන්න ආණ්ඩුවක් බලයට පත්කර ගත්ත අය කරපු අපරාධයට වන්දි ගෙවාවී.

:       0       2

sena Monday, 27 January 2020 02:40 PM

අර බැංකු වාර්තාවන් මෙයාගේ කෙරුම් එළියට ආවා.. මේවගේ හොරු කොහොමද වහින වෙලාවට එළියට එන්නේ..?

:       0       404

විජිත් Monday, 27 January 2020 08:20 PM

මේ රටේ මහජනයාගේ මුදල් කොල්ල කාපු එකට, ආර්ථික ප්‍රශ්න තව ටිකක් වැඩි වෙනකොට මේ හොරුන්ට වෙනම ආරක්ෂාවක් දෙන්න වෙන්නේ. නිකමට හිතන්න මේ වගේ අලි හොරෙක් මහා පාරේදී මිනිස්සුන්ට අහුවුනොත් ඌව සම්බෝල කරාවි.

:       0       30

Bernard Perera Monday, 27 January 2020 03:18 PM

අපේ මුදල් ඉක්මනට ලබාදෙන්න. එහෙම නැතිනම් මෙම ආයතනය නැවත සක්‍රීය කරන්න. දැන් අවුරුද්දක් වෙන්න එනවා තාම කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඉතාමත් සුළු පොළියක් ගෙවලා අපේ මුදල් බලෙන් එම ආයතනය තියාගෙන ඉන්නවා. මහ බැංකුව අධීක්ෂණය යටතේ තිබුණු ආයතනයක් මෙහෙම වෙනවා නම්...... රටේ මූල්‍ය ආයතන කොහොමද විශ්වාස කරන්නේ ?

:       0       2

Hafeel Monday, 27 January 2020 03:46 PM

මෙයාත් තවත් බැදුම්කරයක්. මහින්ද මහත්තයා දැන්වත් මේ වගේ බොරු උපදේශකරුවන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. උපදෙස් නොවේ දෙන්නේ ලණු තමයි.

:       0       1

siri Monday, 27 January 2020 03:48 PM

නැතුව... නැතුව... වතුර ටික පෑදෙන්න කලින් මාළු සේරම බාගන්න එපායැ. නැද්ද මන් අහන්නේ ?

:       0       1

සෙනෙවිරත්න Monday, 27 January 2020 04:13 PM

මෙයා වියත්මගේ ඉන්නවා කියන්නත් ලැජ්ජයි.

:       0       1

Nimal ... Monday, 27 January 2020 04:59 PM

වුවමනාවෙන්ම මෙයාලා ඔය ආයතන ටික විනාශ කරලා පහුගිය කාලේ දැන් හදන්න සූදානම්... මේ අණ්ඩුවත් යන ගී කියන්නේ මේ වාගේ අපතයින් නිසා තමයි. ඒත් අර අර පවුලට මෙයාලගේ උපදෙස් රටක් වටිනවා. නැත්තම් කොහෙද මිලියන 300ක පෝස්ටර් ගහන්නේ...

:       0       0

lankasri Monday, 27 January 2020 05:04 PM

කොහොමද මේ වගේ හොරු මේ තනතුරු වල තාමත් ඉන්නේ මහා බැංකු වාර්තාවේ මේ අය හොරු බව ලිඛිතව ඔප්පු උනාටත් පස්සේ. කවුරුත් නැද්ද මේ රට කන මිනිස්සුන්ව උසාවි ගෙනියන්න ?

:       0       1

කපුරුහාමි Monday, 27 January 2020 05:44 PM

මහ බැංකු සභාපතියා වෙලා හිටපු කාලේ කරපු හරිය හොන්දටම ඇති. පවුල් පාලනේ උදවිය නම් ඔහොම යනකොට සක්‍රීය වෙයි වගේ?

:       0       1

karu Monday, 27 January 2020 06:09 PM

මේ ලෝකේ මොලේ තියෙන කෙනෙක් ඒ කාලේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කරයිද...?

:       0       1

Nalaka Monday, 27 January 2020 06:12 PM

පවුලේ කාවද මේකට දාන්නේ?

:       0       1

samang Monday, 27 January 2020 06:36 PM

කලින් ගෝල්ඩන් කී සක්‍රිය කරා වගේද මේ පාරත් කරන්නේ ?

:       0       1

Wijebahu Monday, 27 January 2020 09:40 PM

ශ්‍රී ලංකාව තක්කඩියන්ගේ සුරපුරයකි.

:       0       21

Sunil Tuesday, 28 January 2020 12:26 AM

මහජනතාවගේ මුදල් බිලියන ගානක් කාබාසිනා කරලා තවත් ගිල දමන්නද?

:       0       29

chandrasena gunawardena Tuesday, 28 January 2020 02:04 AM

අමාරුවෙන් උපයාගත් විශ්‍රාමිකයන්ගේ තැන්පතු මුදල් ආපසු ලබාගන්න සැලසුම් කරන්න. මහා ඡන්දයක් ලගම එනවනේ.

:       0       59

lalithm Tuesday, 28 January 2020 03:17 AM

මේ ප්‍රතිචාර දැක්කම හිතෙන්නේ අර 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ කා වෙනුවෙන්ද කියලා.

:       0       64

ලලින්ද්‍ර Tuesday, 28 January 2020 03:42 AM

ගෝල්ඩන් කී ගනුදෙනු කරුවන්ට සාධාරණේ ඉෂ්ඨ කරනවා කියලා සෙලින්කෝ ගෘප් එකම විකුණගන කෑවා. මේකත් විනාශකරලා යටිමඩි ගහගෙන යයි.

:       0       64

පොල් ගුනේ Tuesday, 28 January 2020 04:55 AM

40000000/600000=66.67 එක තැන්පත් කරුවෙක් රුපියල් 66.67 ද තැන්පත් කරලා තියන්නේ.

:       0       19

sumith Tuesday, 28 January 2020 06:03 AM

යාන්තම් ඇති බමුණුට දැන් දැන් තේරෙන්න පටන් අරගෙන වගේ

:       0       1

Bernard Tuesday, 28 January 2020 06:33 AM

මහජනතාවගේ මුදල් තැන්පත් වලට සාධාරණයක් ඉෂ්ට කරන්න. දැන් අවුරුද්දක කාලයක් වෙන්න එනවා තාමත් ආයතනය සක්‍රීය වෙලා නෑ. මහබැංකු අධීක්ෂණය යටතේ තිබුණ මෙවැනි ආයතන බංකොලොත් වීම කණගාටුවට කරුණක්.

:       0       4

sumithTuesday, 28 January 2020 07:19 AM

මහත්තයෝ මහා බැංකුවේ ඉන්න නෝනා මහත්තයලට ඕව අධීක්ෂණය කරන්න තරම් දැනුමක් තියෙනවද කියල හිතෙනවා වෙන දේවල් දිහා බැලුවම, එයාල කප් ගහල ඉන්නේ රට සවාරි ගහලා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කීයක් හරි කොටා ගන්නනේ. මොන උපාදි තිබුනත් මොකටද බුද්ධිමත් නැත්නම්, උගත්කම් සහ බුද්ධිය කියන්නේ දෙකක්නේ

:       0       3

Rohana Tuesday, 28 January 2020 08:32 AM

සක්‍රීය කරන්න නම් පිටතින් රුපියල් බිලියන ගණනක මුදලක් අවශ්‍ය වෙනවා. එම මුදල ලැබෙන්නේ කොහෙන්ද කියලා දැනගන්න කැමතියි.

:       0       2

Mahinda Tuesday, 28 January 2020 09:19 AM

අර්ථසාධකේට ආයිත් ගහයිද?.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 174 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site