(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
මෙම තර්ජනය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ වන විටත් පොලිසිය මගින් අනතුරු හඟවා ඇතැයිද දැන ගන්නට ඇත
උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඉකුත් 29 දා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවසට ගොස් ඒ මහතා මුණගැසී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්ජි පානි ඉම්රන් නැමැත්තා ඔහුගේ සමීපතම සගයන්ට ඔහුව ඝාතනය කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වී ඇති බව දන්වා ඇති බවට ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම බුද්ධි නිලධාරින්ද එම තර්ජනය සම්බන්ධයෙන් ඒ පිළිබඳ සනාථ කරමින් වාර්තාවක් පොලිස් මූලස්ථානය වෙත මේන විටත් යොමු කර ඇතැයි ද වැඩි දුරටත් දැනගන්නට ඇත.
තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනය පිළිබඳ තොරතුරු ඇතුළත් බුද්ධි අංශය මගින් වෙනම වාර්තාවක්ද පොලිස් මුලස්ථානය වෙත ලබා දී ඇති බවද වාර්තාවේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දේශබන්ධුට පාතාලයෙන් තර්ජන
pj Friday, 02 May 2025 09:57 AM
ඔය කියන පාතාල කල්ලි නායක තනතුර තියෙන්නෙ ජනාධිපති තනතුරටත් ඉහළින් ද...පෝය දෙකකට ගොඩක් වැඩියි දැන්....දේශබන්ධුට ටියුෂන් ගන්න කාලෙ හරි මගෙ හිතේ...
ජිල්බු Friday, 02 May 2025 03:40 PM
හොඳම යාලුවෝ අතර ප්‍රශ්නයක් මේක. ඒ අයම විසඳා ගනී...
කව්ද බෝයි Friday, 02 May 2025 09:58 AM
දෙමට ගොඩක් තියෙන පැත්තෙ රුවන් කුඩු මුදලාලි විසඳුමක් දේවි.
පොඩිඑකා Friday, 02 May 2025 10:15 AM
එහෙනං ඉතිං හොදම විසදුම ආයෙ රිමාන්ඩ් එකට දාන එක තමයි!
ගුණරත්න Friday, 02 May 2025 10:46 AM
ලංකාවේ පාතාලය විනාස කරලා දාන්න පුළුවන් කියල අභියෝග කරලා බලේට ආපු මහත්තයෙක් හිටිය, ඒ මහත්තයා කොමා එකකද ඉන්නේ?
ලූට මූස්Friday, 02 May 2025 12:29 PM
ගුණරත්න මහත්තයා තප්පුලන්නේ නැතුව ඉන්නකෝ.., ඡන්දේ දුන්නු අපිට අමාරුවක් නැත්නම් ඔහෙට ඇති රුදාව මොකක්ද? වැඩේ ක්‍රමේට සිද්ධ වෙනවා...! අපිට ඒ ඇති....
චූටිපුතාFriday, 02 May 2025 12:59 PM
මේ ගුණේ අංකල්, එයා නම් කොමා එක්ක නොවෙයි..., ඔයාලාගේ හැතිකරේට නම් සදාකාලික කෝමා තමයි..!
prasanna Friday, 02 May 2025 10:47 AM
ඕවා ප්ලෑන් කරන්නේ කංජිපානිට මුවාවෙලා???? රටම දන්නවා
C.K.Lankaputhra Friday, 02 May 2025 11:04 AM
ආරක්ෂාව දෙන්නෙ කලබල වෙන්න එපා. ඇප කැන්සල් කරල රිමාන්ඩි කලා නම් හරි. ඔහොම තමයි පාතාලයෝ එක්ක එක පතේ කාපුවාම අන්තිමට විසිකරන කොන්ඩම් බවට පත්වෙනවා. අනේ මන්දා, මෙයාට ඉස්සරල හිටපු කිසිම පොලිස්පති වරයෙන් මේ වගේ කඩප්පුලි තතවයට පත් උනේ නෑ.
පිටිගල මිලානෝ Friday, 02 May 2025 11:29 AM
මං මේ බංකුවකුත් අරං බදුල්ලේ යන ගමන් ටියුෂන් ගන්න... කෝ මේ ඇමැති…?