දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 8 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණි. ඒ සඳහා මවුපියන් සහ සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. අතිශය විනෝදාත්මක අයුරින් පැවැති අලුත් අවුරුදු උත්සවයට පාසලේ සභාපති කුමුදු ෆොන්සේකා සහ පාසල් භාරකාර මණ්ඩලයේ සාමාජිකයන්ද පැමිණ සිටියේය.
කඹ ඇදීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා දිවීම, බනිස් කෑම වැනි අලුත් අවුරුදු ක්‍රීඩා මෙන්ම දර්ශනීය නැටුම් ගැයුම්ද ඇතුළත් වූ මෙවර උළෙල පැමිණ සිටි සියලු දෙනාටම නියම ශ්‍රී ලාංකික උත්සවයක අත්දැකීමක් විය.
එළැඹෙන වසරේදී නීරෝගී බව සහ සෞභාග්‍ය උදාකර ගැනීම සංකේතවත් වන සුබ මොහොතින් ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය සහ හිස තෙල් ගෑම වැනි සාම්ප්‍රදායික අලුත් අවුරුදු සිරිත් විරිත් පාසලේ දරු දැරියන් විසින් සිදුකරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දෝහා නුවර ශ්‍රී ලාංකික පාසල අලුත් අවුරුදු උදාව සමරයි