(ඩයනා උදයංගනී)
දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ බෙංගාල ව්‍යාග්‍ර පැටවුන් තිදෙනාගේ මව වන "කෙල්ල" නැමති ව්‍යාග්‍ර ධේනුව මියගොස් ඇත.
අකිරා, ඩුමා සහ ලියෝ යන එම පැටවුන්ට ඉකුත් මාර්තු 05 වන දින උපත දුන් කෙල්ල දරුණු පිලිකා රෝගයකින් පීඩා විදිමින් සිටි බව දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඇය සත්වෝද්‍යානයේ පශුවෛද්‍යවරුන් සහ සත්ව අංශයේ කාර්‍යය මණ්ඩලයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
පැටවුන්ට ඉතාමත් ආදරණීය මවක් වූ ඇය මිය යනවිට වයස අවුරුදු 15 පමණ විය.
චීනයේ ෂියැංජින් සෆාරි උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහනක් ඔස්සේ 2008 වසරේදී ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයට ඇය රැගෙන විත් තිබේ.
ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට කටයුතු සහ අනෙකුත් පරීක්ෂණ ලක්කිරීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෙහිවල සතුන් වත්තේ ’’කෙල්ල’’ මියයයි