IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දිසාපාමොක්ට බරපතල චෝදනා

කොළඹ බාලිකා විද්‍යාලයයක සිදුවී ඇතැයි  කියන දූෂණ සහ අක්‍රමිකතා රැසක් ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි වැල්ලවත්තේ පොලිස් වංචා විමර්ශන අංශයෙන් අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා ලිඛිතව ඉල්ලා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග කියයි.

විදුහල්පතිනියගේ ජංගම දුරකථන බිල සදහා 2012 වසරේ රුපියල් 79,400ක් ද , එම වසරේම ජංගම දුරකතන බිල්පත් ලෙස තවත් රුපියල් 23,600ක් ද, කලමනාකරණ කමිටුව ලබා ගත් ජංගම දුරකතන දෙකක් සඳහා රුපියල් 28500ක් ද, 2012 සහ 2013 වසර දෙකට ප්‍රවාහන වියදම් ලෙස රුපියල් 1,934,014 ක් ද, 2013 වසරේ සංග්‍රහ වියදම් ලෙස රුපියල් 445,927ක් ද  පාසල් සංවර්ධන සමිති අරමුදලින් ගෙන ඇතැයි  අධ්‍යාපන ලේකම් විසින් යැවුණු ලිපියක සදහන්ය.

එම විදුහල්පතිනිය  පාසලේ සේවය කළ කාලයේ ඇගේ වත්කම්-බැරකම් අනාවණය කර ගත යුතුව ඇතැයි ද අධ්‍යාපන ලේකම් පොලිසියට දන්වා තිබේ.

තමන්ගේ දරුවන් පාසලට ඇතුළු කර ගනිද්දී මුදල් ගත් බවට සහ පාසලේ අක්‍රමිකතා සිදුවන බවට දෙමාපිය පිරිසක් කළ පැමිණිල්ලක් අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන ඒකකය මගින් කළ විමර්ශනයේ දී දූෂණ අක්‍රමිකතා ගණනාවක් ගැන තොරතුරු සොයාගෙන ඇත.

අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා වැල්ලවත්ත වංචා විමර්ශන අංශයට පැමිණිලි කර ඇත්තේ එම අභ්‍යන්තර විගණන වාර්තාව පදනම් කරගෙන ය.

මෙම පාසලේ විවිධ අක්‍රමිකතා වන බවට දෙමාපියන් විසින් අවස්ථා ගණනාවකදී අදාල බලධාරීන්ට නම් ගම් සහිතව ලිඛිතව පැමිණිලි කර තිබිණි.

රජයේ මුරකරුවන් සඳහා රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් වැය කළ ද ඔවුන්ගෙන් රාජකාරි නිසි පරිදි ලබා නොගෙන පෞද්ගලික ආරක්ෂක ආයතනයකට මාස නවයක් සඳහා රුපියල් 1,167,450ක් වැය කර තිබිණි.

අධ්‍යාපන ලේකම්ගේ අනුමැතියකින් තොරව 2013 වසරට ළමයින් 79 දෙනෙකු ඇතුළු කර ගෙන ඇති බවත්,  2013 තුන් වැනි පාසල් වාරයේ දී  ළමයින් ඇතුළත් නොකරන ලෙස එම වසරේ අගෝස්තු 14 වැනි දා අධ්‍යාපන ලේකම් දැනුම් දී තිබිය දී ව්‍යාජ සටයන් යොදමින් සිසුවියන් ඇතුළත් කර ඇති බවත්, අනුමැතියකින් තොරව හත ශ්‍රේණියේ අමතර පන්තියක් අරම්භ කර ඇති බවත්, සිසුවියන්ගේ උපන් දින නොසලකා සහ චක්‍රලේඛ සීමාව ඉක්මවා පන්ති වලට සිසුවියන් ඇතුළත් කර ඇති බවත් අභ්‍යන්තර විගණන ඒකක වාර්තාවේ සඳහන්ය.

විගණන පරීක්ෂණ  සඳහා තොරතුරු ලබා දුන් හා ලබා දීමට බලාපොරොත්තු වූ සිසුනට සහ දෙමව්පියනට බලපෑම් එල්ල වී තිබී ඇත.

මෙම පාසලට ළමයින් ඇතුළත් කිරීමේ දී දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීම සදහා පුද්ගලයන් හය දෙනකු යොදා ගනිමින් පාසල් පරිශ්‍රය තුළ හෝ බාහිරව කටයුතු කිරීමට අවස්ථාව ලබා දීම හා ඊට අනුබල දීමේ චෝදනාව ද විදුහල්පතිනියට එල්ලවී තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අභ්‍යන්තර විගණන ඒකකය කළ විමර්ශනයක දී දූෂණ අක්‍රමිකතා ගැනතොරතුරු අනාවරණය වුව හොත් විදුහල්පතිගේ වැඩ තහනම් කළ විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. ඇය දිගටම එම තනතුරු සිටියහොත් තවත් තවත් දූෂණ අක්‍රමිකතා සිදුවිය හැකි බවත්, මෙම පාසලස සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මන්දගාමීව කටයුතු කළ බවත් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මහා පරිමානයෙන් වංචා හා දූෂණ සිදු වී ඇතැයි අනාවරණය වන අවස්ථාවල දී ඒ ගැන පොලිස් වංචා විමර්ශන අංශයට දැන්වීම් සාමාන්‍ය සම්ප්‍රදායක් බවයි. මෙම පාසල සම්බන්ධයෙන් ද වංචා විමර්ශන අංශයට දැන්වූ බවත්, සියලු විමර්ශන අවසා‍නයේ විදුහ්ලතිනිය සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බවත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.



අදහස් (0)

දිසාපාමොක්ට බරපතල චෝදනා

මෙවන් Tuesday, 25 February 2014 10:19 PM

මේ වගේ අය සමාජයට මහත් කැළලක් (දිල්)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 26 February 2014 11:17 PM

දාන්නකෝ නම එතකොට අනිත් අයව්වත් හදෙයි නේ බයටම.(අ)

:       0       0

දසුන් Wednesday, 26 February 2014 01:21 AM

මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් . (දිල්)

:       0       0

සත්‍යයා Wednesday, 26 February 2014 02:27 AM

මේ ගණන් හිලව් දිහා බලන කොට මට මතක් උනේ එක්තරා පව්ලක්! මොකද ඒ ගොල්ලොත් වියදම් කරන්න ගියහම හරියට තමන්ගේ පොකට් එකෙන් ගත්ත සල්ලි වගේ වියදම් කරන්නේ.(අ)

:       0       0

ලලිත් Wednesday, 26 February 2014 02:50 AM

බාලිකා විද්‍යාලය කොළඹ නිසා දිසාපාමොක් ගේ නම නැහැ. පිටපලාතක උනානම් හතර වරිගෙම පතුරු ගහනවා. (අ)

:       0       0

බමුණු Wednesday, 26 February 2014 04:36 AM

අනේ හොඳා වෙන මොනවා කියන්නද (අ)

:       0       0

ජනතා Thursday, 27 February 2014 09:45 AM

ඔව් ඔව් මමත් දන්නවා ඒ අය ගැන අර පිටිසර පළාතෙන් ඇවිල්ලා අපිට රෙස්පට් දාන්නේ.(නදී)

:       0       0

ජයතිලක Wednesday, 26 February 2014 10:36 AM

මේවා නම් නොදා දැමීම තේරුමක් නැහැ.හැමෝටම දැනගන්න මේ අයගේ නම් ගම් ප්‍රසිද්ධ කල යුතුයි.(දී)

:       0       0

ජයතිලක Thursday, 27 February 2014 11:24 AM

ලලිත් ඔබ හරියට හරි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site