IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දසුන්ගෙන් අලුත් වැඩක්

2016-05-20-ENT-67

සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි දසුන් මධුසංඛ මේ දිනවල අලුත් වැඩකටයුත්තකට අත ගසා තිබෙනවා. ඒ පිළිබඳව ඔහු අපට පැවසුවේ මෙවැන්නක්.

 

2016-05-20-ENT-69අලුත් තොරතුරු ගැන කිව්වොත්?

අලුතින් සිංදුවක් කළා. ඒකේ ඕඩියෝ එකනම් කරලා ඉවරයි. ලහිරු පෙරේරා තමයි ඕඩියෝ එක කළේ. එකේ පද රචනය මනුරංග විජේසේකර. "බත්කූරෝ" තමයි සිංදුවේ ටයිට්ල් එක. තාම ගීතය සැලසුම් කරගෙන යනවා.

 

"මා දිහා බලා" කියන ගීතයේ ප්‍රතිචාර කොහොමද?

මගේ අන්තිම ගීතය තමයි ඒ. ඒකටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ලංකාවට වෙනස් දෙයක් කරන්න ඕනේ නිසා තමයි "මා දිහා බලා" ගීතය කළේ. මගේ තමයි මෙලඩි එක. ලොකු ප්‍රතිචාර නොලැබුණත් බොහෝදෙනෙක් මේ ගීතය වැලඳ ගත්තු ආකාරයක් පෙනෙන්නට තියෙනවා.

 

යන රැල්ලෙන් එහා ගීතයක් කළොත් ලැබෙන ප්‍රතිචාරවල යම් කිසි අඩුවක් තියෙනවාද?

මම හිතන විදිහට තරමක් අඩුයි. ලංකාවේ ඉන්න ආදරවන්තයන්ට වැඩිය බූට් කාපු අය වැඩියි වගේ. තියෙන තත්ත්වෙත් එක්ක එහෙමයි හිතෙන්නේ. නමුත් මම හිතන්නේ හොඳ නිර්මාණයක් කළොත් බූට් වලට එහා දෙයක් කරන්න පුළුවන්. ලහිරු පෙරේරා අද කරළියේ ඉන්නේ බූට් සිංදු කියලා නෙමෙයි. හොඳ දෙයක් කළොත් ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබනවා කියන එකයි මගේ විශ්වාසය.

 

එවැනි දෙයක් සඳහා ප්‍රතිචාර ලැබෙන්න වාසනාව කියන දේ බලපාන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම වාසනාව බලපානවා. කොච්චර දඟලලා සිංදු කළත් වැඩක් නැහැ වෙලාව කැරකුණේ නැත්නම්. සිංදුව ඇහැව්වෙ නැත්නම්, මිනිස්සුන්ට සිංදුව සෙට් වුණේ නැත්නම්, ඒ ගීතය වැඩක් වෙන්නේ නැහැ. අපි සිංදුවක් කරන්නේ අපිට අහන්න නෙමේනේ. ඒක අනිවාර්යයෙන්ම රසිකයන් අතරට යා යුතුයි. අනික වාසනාව කියනදේත් අනිවාර්යයෙන්ම මේකට බලපානවා.

 

තරු මාවතේ එන්න අවස්ථාව ලැබුණේ නැත්නම් අද "දසුන්" කියන කෙනා ගායකයෙක් නෙමේද?

මම හිතන්නේ ඒකට මහන්සි වෙන්න වෙයි ගොඩක්. මම හිතනවා කොහොම හරි කට්ට කාලා එයි. මෙච්චර ලේසියනේ මිනිස්සු අතරට එන්න තියෙන අවස්ථාව අඩුවෙයි. මම රියැලිටි තරගයකින් ආපු නිසා මට එන්න පුළුවන් වුණා.

 

රියැලිටි තරුමාවතේ එන ඇතැම් අයට එම ස්ථානය පවත්වාගෙන යාමට හැකියාක් නැහැ නේද?

ඔව්, අනිවාර්යයෙන්ම. රියැලිටි තරගයකින් කොච්චර ආවත්. මිනිස්සුන්ට දැනෙන්න, රසිකයාගේ හදවතට දැනෙන්න දෙයක් කරන්න ඕනේ. ගායකයා කියන කෙනා මනුෂ්‍යයාගේ හිතේ රැඳිලා ඉන්න ඕනා. මගේ මතය තමයි රියැලිටි තරග කොච්චර තිබුණත් ඒ ගායකයා කියන පුද්ගලයා හරියට ඉන්න ඕනේ සහ ඔහුගේ නිර්මාණ හරියට කෙරෙන්න ඕනේ කියන එක. මම හිතන්නේ ඒ දේවල් හරියට කළොත් ගායකයා කියන පුද්ගලයා මිනිස්සුන්ගේ හිතේ රැඳිලා ඉඳියි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - දසුන්ගේ ෆේස්බුක් ගිණුම

 



අදහස් (0)

දසුන්ගෙන් අලුත් වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site